සතියක් දෙකක් කෝච්චි නවත්තලා හරි අපි මේක හදනවා. ඉන්න බැරි අය අස්වෙන්න – ප්‍රවාහන නි. ඇමති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සතියක් දෙකක් වැනි කාලයක් දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම නවතා දමා හෝ මෙරට දුම්රිය සේවය විධිමත්ව ගොඩනැගීමට තමන් කටයුතු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

“සතියක් වගේ කාලයක් ඇතුළත දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යයෙන් දෛනිකව අවලංගු වෙන දුම්රිය වාර ගණනට පරිබාහිරව විශාල ප්‍රමාණයක් අවලංගු වෙලා තියෙනවා. ගිය සතියේත් සෑහෙන ප්‍රමාණයක් අවලංගු වුණා, ඊයෙ (25) හවස දුම්රිය 38ක් අවලංගු වෙලා තියෙනවා. එතකොට මේ අවලංගු වෙච්චි දුම්රිය 38න් 35ක්ම අවලංගු වෙලා තියෙන්නෙ විශේෂ එක් කාරණයක් නිසා. රියදුරන් වැඩට පැමිණිලා නැති නිසා. අද (26) උදේ වරුවේ – සඳුදා දවසක් – දුම්රිය කැන්සල් වෙනවා දුම්රිය 15ක්. එතකොට මේ සිද්ධි දාම දෙක අපි එකට තියලා බැලුවොත් එහෙම මේක බැරෑරුම් තත්වයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ. අපි මේකට හේතුව මොකද කියලා බැලුවා, මේක ඇත්තටම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නෙවෙයි. රියදුරන් කුඩා කණ්ඩායමකගේ අත්තනෝමතික ක්‍රියා පටිපාටියක් නිසා තමයි මේ දුම්රිය අවලංගු වෙන්නෙ. පැහැදිලිවම මේක පිටිපස්සේ දේශපාලනය තියෙනවා අනිවාර්යයෙන්. ඇමතිතුමා එක්කත් කතා කළා, අදාළ නිලධාරීන් සියලු දෙනා එක්කත් කතා කළා, ජනතාව වෙනුවෙන් කියන්නෙ සතියක් දෙකක් ලංකාවේ කෝච්චි සම්පූර්ණයෙන් නවත්තලා හරි අපි මේක හදනවා. ඒක ඒ විදියට කරන්න ඕනෙ, මොකද නැත්නම් මේක දිගින් දිගටම පොඩි පොඩි කාරණා නිසා දුම්රිය අවලංගු වෙන්න දෙන්න බෑ”

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 26) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...