පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් වැඩවර්ජනයක් අරඹයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේ අර්බුදය, උසස් වීම් ගැටලු ඇතුළු ඉල්ලීම් පහක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (මැයි 27) උදෑසන 08.00 ට සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

එමෙන්ම ඉදිරියේදී මෙම වැඩවර්ජනයට පරිපූරක වෛද්‍ය සේවාවේ තවත් වෘත්තීය සමිති ද සහාය පළකිරීමට තීරණය කර ඇති බවත් ලේකම්වරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි...

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...