නිශ්මං රණසිංහ මැයි 27, කොළඹ LNW:
අද ඇරඹුණ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ මූලික තරගවලදී දස්කම් දැක් වූ කාලිංග කුමාරගේ සහ නදීශා රාමනායක පිළිවෙලින් මීටර් 400 පිරිමි සහ කාන්තා ඉසව්වල අවසාන පූර්ව තරගවලට පිවිසෙන්නට සමත් වුණා.වැදගත්ම සහ අනාගතයට පලදායි ජය තහවුරු කළේ ලෙසඳු අර්ථවිඳු.ඔහු සිය පළමු ආසියානු මලල ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් සුදුසුකම් ලැබීමේ උස වන මීටර් 2.10 ක දක්ෂතාවය දක්වා අවසාන තරගයට තරග වඳින් 12 දෙනා අතර සිය නම රඳවා ගන්නට සමත් වුණා.
අරුණ මීට පෙර සිඳු වූ අබාධයේ බලපෑමක් හේතුවෙන් ද නොදන්නා නමුත් මීටර් 400 තරගය නිමා කරන්නට තත්පර 48.10 ක කාලයක් ගත කරනු ලැබුවා.කාලිංග තරගකාරී ධාවනයක යෙදෙමින් තමන් සහභාගි වූ මීටර් 400 මූලික තරගයේදී දෙවන තැනට පත් වෙමින් අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ තත්පර 46.59 ක දක්ෂතාවයක් දක්නමින්.
කාන්තා මීටර් 400 තරගයේ දී නිශෙන්ද්‍ර හර්ශනී ප්‍රනාන්දු සිය මූලික තරගයේදී සිව්වන තැනට පත් වුණේ තත්පර 53.81 ක කාලයක් ගත් කරමින්.ඇයට අවසාන පූර්ව වටයට වාසනාව නොලැබුණත් නදීහා රාමනායක අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.ඇය සිය මූලික තරගයේ දි තෙවැනි තැනට පත් වුණේ තත්පර 53.77 ක කාලයක් වාර්තා කරමින්.
ඡායාරූපයේ දැක්වෙන්නේ ලෙසඳු අර්ථවිඳුගේ පිම්මක්.
