කෙහෙල්බද්දර පද්මෙට පාස් පෝට් හැදු ආගමන විගමන නිලධාරියෙක් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW: සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධකරුට ගුවන් ගමන් බලපත්‍ර සෑදීමේ චෝදනාව මත මින් පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී උක්ත නිලධාරියා පිළිබද අනාවරණය වී ඇති අතර ඒ අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කෙරුණු සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්ද ප්‍රධාන සැකකරු ලෙස කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට චෝදනා එල්ලවී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...