*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ආසියාවේ හතර වෙලත් තවමත් සුපර් පූල් එකේ වැහුණු දොර නෑරෙන නිලානි

ඔලිම්පික් යන වැට උඩ හිටිය නිලානි රත්නායක සහ නිමාලි ලියනආරච්චිගෙන් අන්තිමේ අවස්ථාව හිමි වුණේ නිමාලිට.නිලානිට අවස්ථාව හිමි නොවෙන්න බලපාපු එක හේතුවක් වුණේ ඇයගේ දස්කම්වල සිඳු වූ යම් පහත වැටීමක්.ඒකට හේතුව ඇය නෙමෙයි.ඇය සහභාගි වූ තේරීම් තරගයකදි මීටර් 3000 බාධක දිවීමේ කඩුල්ල පිරිමි තරගයක පවත්වන උස මට්ටමෙන් තැබීම.

කාන්තා තරගයක කඩුල්ලක උස එන්නෙ සෙන්ටි මීටර් 76.2 ක්.එහෙම නැත්නම් අඟල් 30 ක්.පිරිමි තරගයකදිනම් ඒක සෙන්ටි මීටර් 91.4 ක්.අගල්නම් 36 ක්.වට හත හමාරක් පැවත්වෙන තරගයක තමන් පුරුදු පුහුණු වූ උසට වඩා අගල් හයක් ඉහළින් පැන දුවපු නිලානි මේ නිසා ආබාධයකට ගොදුරු වෙනවා.ඒ ආබාධය නිසාම ඇයගෙ පසු තරගවල යම් පසුබෑමක් සිඳුවෙනවා.

එම කඩුල්ල උසින් තැබීම ක්‍රීඩිකාවගේ වරදක් නෙමෙයි.කවුද ඒකට වග කියන්න ඕනි.භාරව සිටි නිලධාරි සහ ක්‍රීඩාංගණ සේවකයො.ක්‍රීඩාංගණ සේවකයො කියන්නෙ නිලධාරීන් දෙන අණ පිළිපඳින කම්කරුවො පමණයි.ඔවුන්ට තියෙන වෘත්තීයභාවය කම්කරු.නමුත් වෘත්තියෙන් මලල ක්‍රීඩාවෙ තාක්ෂණය ගැන දන්න අයට සහ වගකීම භාරව සිටි අය එයට උත්තර බැඳිය යුතුයි.ලංකාවේ අංක එකට සිටින සහ දකුණු ආසියාතික රන් පදක්කම්ලාභිණියක වන නිලානි වෙනත් රටක වෘත්තීය ක්‍රීඩිකාවක් වුණානම් ඇය ඒ තත්ත්වයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අරඟෙන.

නමුත් හමුදා සෙබළියක ලෙස සිය ජීවිතය නඩත්තු කරන ඇයට ඊට පුළුල් ඉඩක් නොතිබෙන්නත් ඇති.ඒ ක්‍රියාමාර්ග නොගැනීම නිසාම ඇයට වූ වරද සමාජයට විවෘත වූවේ අඩුවෙන්.දඬුවම් ලැබුණෙ ඇයට.ජාතික ක්‍රීඩා සභාවේ මලල ක්‍රීඩාවට සම්බන්ධ කිසිවෙක් යොදවා සිටියේ නැහැ.ඔවුන්ට ඇයගේ තත්ත්වය වටහා ගන්න ඕනි කමක් තිබුණෙත් නැහැ.අමාත්‍යවරයාගේ සිට අමාත්‍යංශ නිලධාරීන්ට ඒ තත්ත්වය අවධාරණය කරන්න ඕනි වුණෙත් නැහැ.ඒ නිසා මහේලගෙ නායකත්වයෙන් සිටි ජාතික ක්‍රීඩා සභාව ඇයව පැකිළිමක් නොකරම දස්කම් හීන වීම කියන කාරණය මත රුපියල් ලක්ෂයක් ගෙවූ සුපිරි සංචිතයෙන් කපා දමනවා.

ඇය සටන් කළේ නැහැ.ඇය සටන දෙන්න තීරණය කළේ සුවපත්ව ඇයගේ සිරුරෙන්.ඇය ගෙවුණු අප්‍රේල් 9 වන දා ඒ දේ කළා.ඒ නව ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරමින් විනාඩි 9:40.24 ට මීටර් 3000 බාධක දිවීම ඉසව්ව නිමා කරමින්.එම කාලය ඉතා හොඳ කාලයක්.ජාත්‍යන්තර මට්ටමෙන් බැලුවත් ඉතා හොඳ කාලයක්.ආසියාවේ හතරවන තැන මෙන්ම ලෝකයේ 31 වන තැනත්,වර්ථමාන ලෝක මලල ක්‍රීඩා දස්කම් හා සසඳද්දි එම දස්කමට හිමිවෙනවා.ඒත් තවමත් ඇයව සුපිරි සංචිතයට ඇතුළත් වී නැහැ.

32 හැවිරිදි නාලානි අතිශයින් දුෂ්කර රත්නපුර වේවැල්වත්ත පාරෙ බටේවෙල කෙල්ලක්.ඇය සියලු ජීවන පීඩාවන් සමඟ ඔප්පු වෙමින් සිය හැකියාවන්ගෙන් ජිවිතය ජයගන්න හැප්පෙන තරුණියක්.ඔවුන් ඉන්නෙ බොහෝ තරුණියන්ගේ සුන්දර හීනවලට දුරින් කාලය එක්ක සටන් කරමින්.කාලය සාමාන්‍ය විදිහට ඇයටත් ගෙවෙනවා.තරුණ කම හැංගෙනවා.ඒත් ඇය දුවන වට ගණනට ගත කරන කාලය දවසින් දවස අඩු කරගන්නයි සටන.එච්චර දේවල් කැප කරා දස්කම් එක්ක ඉන්න,රටට පදක්කම් ගේන මෙවැනි දක්ෂයන්ට හිමි තැන දෙන එක ක්‍රීඩා බලධාරීන්ගේ යුතුකමක්.වර්ථමාන ක්‍රීඩා අමාත්‍යවරයාට පුළුවන්නම් හොඳ අවස්ථාවක් තියෙනවා වැඩ පටන්ගන්න.මේ සටහන කියවලා බලලා තමන් යටතේම තියෙන ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ඉන්න ප්‍රධානියා වන නිලානිගෙ පුහුණුකරු සජිත් ජයලාල්ව කැඳවලා මේ හැම අකුරෙම තියෙන ඇත්ත නිරවුල් කරගෙන ඒ දේ කරන්න පුළුවන්.LNW විමසිල්ලෙන් බලං ඉන්නවා නිලානිව කඩුල්ල උස්සලා අසරණ කරපු අය,ඇයට අහිමි කළ ඇයට හිමි තැන ඉල්ලා හඬා නොවැටී ඊට යළිත් ඉහළම මට්ටමෙන් ප්‍රවේශ වූ පසුවත් නිහඬව සිටින නිලධාරින්ව ක්‍රීඩා අමාත්‍යවරයාට ඇහැරවන්න පුළුවන් වෙයිද කියලා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan