යෝජිත 21 ගැන අගමැතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද

Date:

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කර තිබෙනවා. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ මෙම සාකච්ඡාවේදී සංශෝධන කෙටුම්පතට අදාලව පක්ෂ නායකයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

එසේ ලබා ගන්නා යෝජනා ලබන සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්, සාධනීය යෝජනා ඉදිරිපත් වන්නේ නම් ඒවා කෙටුම්පතට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමතිවරයා පවසනවා.

විධායක ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට තේරී පත්වීම අහිමි කිරීම, ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීම ඇතුළු යෝජනා 21 වැනි සංශෝධනයට ඇතුළත් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...