ජනතා ඉල්ලීම් ඉටුකරන්න කලින් අපේ ප්‍රශ්න විසඳලා ඉන්න, අපි සහාය දෙන්නෙ ඒකට – පොහොට්ටු ලේකම්

Date:

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කර ඔහුට සහාය ලබාදීමට පොදුජන පෙරමුණ තීරණය කළේ රටේ ආර්ථික ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙමෙුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා. ආර්ථික ගැටලු විසඳීම පසෙක තබා ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට අගමැතිවරයාගේ අවධානය යොමු වී ඇති බවට කාරියවසම් මහතා චෝදනා කරනවා.

ආර්ථික ගැටලුවලට විසඳුම් ලබා දී පෝලිම් යුගය අවසන් කළයුතු බවත්, එවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහසේ පාරේ ගමන් කළහැකි පරිසරයක් නිර්මාණය වනු ඇති බවත් පෙන්වා දෙන සාගර කාරියවසම් මහතා පවසන්නේ පොදුජන පෙරමුණේ සහාය ලබාදීමට තීරණය කළේ ඒ වෙනුවෙන් බවයි. එවැනි නිදහස් පරිසරයක් නිර්මාණය වූ පසුව ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව සාකච්ඡා කළ හැකි බවද ලේකම්වරයා පවසනවා.

නිශ්චිත පුද්ගලයන් ඉලක්ක කරගෙන ඔවුන්ට පාර්ලිමේන්තුවට පිවිසීමේ වරම් අහිමි කිරීම සඳහා ජනාධිපතිවරයා ලෙස පත්වීමේ අවස්ථාව අහිමි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම සිදු නොකළ යුත්තක් බවද සාගර කාරියවසම් මහතා සඳහන් කරනවා. ලෝකයේ කිසිදු රටක එවැනි අරමුණු සඳහා ව්‍යවස්ථාව සකස් නොකරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...