වසර අවසන්වීමට පෙර ආණ්ඩු බලය යළිත් පොහොට්ටුවට !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළද ආණ්ඩුවේ පැවැත්ම බරපතල ලෙස අවිනිශ්චිත බවයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසන්නේ.

ඒ අනුව මෙම වසර අවසන්වීමට පෙර පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් යළිත් නිර්මාණය වීමේ හැකියාවක් තිබෙනවා.

වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන බවට පොදුජන පෙරමුණේ නායකයන් පොරොන්දු වුවද සහාය ලබාදීම වෙනුවට සියලු අංශවලින් බාධා සිදු කරමින් සිටින බවයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් වූ සැනින් අස්ථාවරව පැවති රුපියල ස්ථාවර මට්ටමකට පත් වූ අතර ඉන්ධන අර්බුදය ඇතුළු අර්බුද රැසකට තාවකාලිකව හෝ විසඳුම් ලබාදීමට ඔහු සමත් විය. එමෙන්ම විදෙස් රාජ්‍යයන්හි විස්වාසය දිනා ගැනීමටද ඔහු සමත් වී ඇති අතර අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආධාර ලබාදීමටද එකඟ වී තිබෙනවා.

කෙසේ නමුත් පාර්ලිමේන්තුවේ සහාය නිසි පරිදි නොලැබීම හරහා වික්‍රමසිංහ මහතාගේ උත්සාහය අපතේ යාමේ අවදානමක් නිර්මාණය වී තිබේ.

ගෑස් අර්බුදය විසඳීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත ගෑස් නෞකා දෙකක් මිලදී ගැනීම සමත් වූ නමුත් එම ගෑස් නෞකා දෙක ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම දිගින් දිගටම ප්‍රමාද වී තිබේ. මීට හේතු වී තිබෙන්නේ ලිට්‍රෝ සමාගමේ ඉහළ තනතුරුවල සිටින පොහොට්ටු ක්‍රියාකාරිකයන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා බවයි වාර්තා වන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ සිරකර තබා පොදුජන පෙරමුණ සිය පක්ෂ සාමාජිකයන්ගේ විස්වාසය දිනා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ වනවිට ඊට අදාලව බිම් මට්ටමේ සාකච්ඡා, සම්මන්ත්‍රණ, රැස්වීම් රැසක් පැවැත්වේ. සිය පාක්ෂිකයන්ගේ විස්වාසය දිනාගත් වහාම රනිල් වික්‍රමසිංහ මහතා බලයෙන් පහකර යළිත් ආණ්ඩු බලය අත්පත් කර ගැනීමට පොදුජන පෙරමුණ සූදානමින් සිටී.

ඒ අනුව ඔවුන් නැවතත් ආණ්ඩු බලය ලබා ගන්නේ ආසර්ථකවීම් සියල්ලේම පව් රනිල් වික්‍රමසිංහ මහතාගේ කර මතට පටවමිනි.

රනිල් වික්‍රමසිංහ මහතාද අගමැති ධුරය බදා ගත්තා මිස ඊට අදාල හෝම්වර්ක් සිදු නොකළ අතර ඔහු හෝම් වර්ක් සිදු කිරීමට උත්සාහ කරන්නේ අරලියගහ මන්දිරයට පැමිණීමෙන් පසුවයි.

අවස්ථා පහකදීම ලැබුණු අගමැතිකම අතරමැදදී අහිමි කරගත් වික්‍රමසිංහ මහතා තවමත් පාඩම් ඉගෙනගෙන නොමැති බව වසර අවසන්වීමට පෙර යළිත් රටටම තහවුරු වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...