ශෂී වීරවංශට වසර දෙකක සිරදඬුවමක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.

අසත්‍ය තොරතුරු ලබා දී රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුදධික ශ්‍රී රාගල මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
‍
සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද ඇයට නියම කර ඇති අතර එම දඩ මුදල නොගෙවන්නේ නම් වසර දෙකක සිරදඬුවම වසර දෙකහමාරක් දක්වා දිගු වන බවද තීන්දුවේ සඳහන් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...