ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තීරණාත්මක ඛනිජ නිධි ගිවිසුමක් අත්සන් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
මැයි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඛනිජ සහ දුර්ලභ පස් සැපයුම් සුරක්ෂිත කිරීම, පතල් කැනීම ආදිය සඳහා ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය තීරණාත්මක ගිවිසුමක් අත්සන් කර ඇති බව ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

ඊයේ(26)දිනයේදී නවදිල්ලියේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අතර මෙම ගිවිසුම අත්සන් කර ඇති අතර තීරණාත්මක ඛනිජ අතර නිකල්, කොබෝල්ට්, ලිතියම්, ඇලුමිනියම් සහ සින්ක් ආදී ඛනිජ 12ක් හා අතිරේක තීරණාත්මක ඛනිජ 29 ක් සඳහා දෙපාර්ශවය මෙම ගිවිසුම අත්සන් කර ඇත.

දුර්ලභ පෘථිවි ලෝහවලට විශේෂ චුම්භක ගුණ ඇති අතර කාර්මික ස්වයංක්‍රීයකරණය, විදුලි වාහන මෝටර, පුනර්ජනනීය බලශක්ති ජනක යන්ත්‍ර, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ බොහෝ වෛද්‍ය උපකරණ සඳහා භාවිතා කරන ස්ථිර චුම්බක නිෂ්පාදනය සඳහා අවශ්‍ය වේ. අර්ධ සන්නායක සහ කෘතිම බුද්ධි තාක්ෂණයන්ට සහාය වන දෘඩාංගවල ප්‍රධාන සංරචකවල ද දුර්ලභ පෘථිවි භාවිතා වේ.

එක්සත් ජනපදය, ඉන්දියාවට අමතරව පකිස්ථානය, ආර්ජන්ටිනාව, කුක් දූපත්, ඉක්වදෝරය, ගිනියාව, මොරොක්කෝව, පැරගුවේ, පේරු, පිලිපීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය, උස්බෙකිස්තානය සමඟ තීරණාත්මක ඛනිජ ගිවිසුම් අත්සන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...