සටහන: සශිකලා මධුෂාණි
මැයි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 මාර්තු මාසයේ සිට බංග්ලාදේශයේ සරම්ප රෝගයට ගොදුරු වූ බවට සැක කෙරෙන සහ තහවුරු කරන ලද දරුවන් 500කට අධික සංඛ්යාවක් මියගොස් ඇති බවත්, සරම්ප රෝගයට ගොදුරු වූ බවට සැක කෙරෙන රෝගීන් සංඛ්යාව 60,000 කට වඩා වැඩි වී ඇති බවත් වාර්තා වේ.
බොහෝ දෙනෙක් රසායනාගාරයෙන් ප්රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බැවින් නිශ්චිත සංඛ්යාව තහවුරු කර නොමැත.
බංග්ලාදේශ සෞඛ්ය අමාත්යංශයට අනුව, මේවන විට රෝගය පැතිරීම මන්දගාමී කිරීමට සහ ජීවිත බේරා ගැනීමට රජය මහා එන්නත් කිරීමේ ව්යාපාරයක් පවත්වාගෙන යන අතර රෝගය සිඝ්රයෙන් ඉහළයාම හේතුවෙන් වෛරසය ඇති අයට ප්රතිකාර කරන වෛද්යවරුන් සහ හෙදියන්ගේ ඊද් නිවාඩු නිවාඩු අවලංගු කර තිබේ.
ඉතා බෝවන රෝගයක් වන සරම්ප රෝගය කැස්ස සහ කිවිසුම් යාම හරහා ඉක්මනින් පැතිරෙන අතර වයස අවුරුදු 5 ට අඩු එන්නත් නොකළ කුඩා දරුවන්ට විශේෂයෙන් භයානක වේ.

