විදුලිබල මණ්ඩලය තීරණයක් ගනී.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය විදුලි ගාස්තු ඉහළ දැමීම මාස එක හමාරක පමණ කාලයක් ප්‍රමාද වීමෙන් රජයට සිදු වූ පාඩුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති වරයා ගෙන් අයකර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවත් , එහිදී ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 3,200 ක පාඩුවක් සිදුව ඇති බවත් එම පාඩුව මහජන උපයෝගීතා කොමිසම හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන් අයකරගත යුතු බවත් ආණ්ඩුවේ මතය වී ඇති බව වාර්තා වේ.

පසුගිය ජනවාරි පළවෙනිදා සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබූ නමුත් කොමිසමේ සභාපති වරයා ලෙස ජනක රත්නායක මහතා එය පෙබරවාරි මාසයේ මැද දක්වා දක්වා කල් දමන ලැබූ අතර, විදුලි බිල ඉහල දැමීම ප‍්‍රමාද වීමෙන් මාස එක හමාරක පාඩුව රුපියල් කෝටි 3,200 ක් වන බවත් එය කරගත යුතුව ඇත්තේ ජනක රත්නායක මහතාගෙන් බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

මේ අතර ජනක රත්නායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී වත්කම් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...