*
Friday, April 26, 2024
spot_img

Latest Posts

පන්දු යවන්නන්ගේ කීර්තිය හිල් කරන “ගිල්”

පන්දු යවන්නෙක්ට සිය කාර්යය එන්න එන්නම අපහසු වන ලකුණු පහළ වෙමින් ඇත.පිතිකරු ආක්‍රමණය එතරම්ම දරුණුය.මේ දරුණු පිත්කරුවන් අතරින් පන්දු යවන්නන්ගේ ගෞරවය හිල් කර දමන අලුත්ම බලවේගය බවට පත්ව ඇත්තේ සුබ්මන් ගිල්ය.ඔහු අයිපීඑල් තරගාවලියක ලකුණු 800 ඉක්මවා ගිය දෙවන පිතිකරුය.පළමුවැන්නා විරාට් කෝලි ය.නමුත් තවමත් 23 හැවිරිදි පන්ජාබ් ක්‍රීඩක ගුල් ගේ සැරසීම කෝලිට වඩා දුරක් යන බව පෙනෙන්නට ඇත.

හරියටම නැට්ටුවෙක් මෙන්ය.පන්දුවේ වේගයට අනුව ඒ පාදවල චලනය වෙනස් වන්නේ තාල ගුණයන් අනුව නැට්ටුවාගේ පාද චලනයන් වෙනස් වන ආකාරයටය.දඟ පන්දුවට ද වේග පන්දුවට ද සුබ්මන් පාද හසුරුවන්නේ අපූරු රිද්මයකටය.රිද්මය පන්දු යවන්නාගේ වේගයට සාපේකෂ අතර ගුල්ගේ චලනයන් හැඩකාරය.එසේම නමනීය සිරුරක් සහ සංයමය පිරුණු හිතක් සහ ප්‍රවේගකාරී සිරුරක් යන සියල්ල අපූරුවට සංකලනය වී ඇති සුබ්මන් ගිල් ගැන ලියන්නට අදට වඩා ඇත්තේ හෙටය.

ගුජරාට් ටයිටන් මෙවර අයිපිඑල් අවසන් තරගයට කැඳවා එන්නට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ ගිල් ගේ පිත්තය.ඔහු මේ තරග වාරයේ ශතක තුනක් එකතු කර ගන්නට සමත් විය.ඒ අතරින් දෙකක්ම මුම්බායි ඉන්දියන්ස්ලාට එරෙහිවය.එම ශතක දෙකෙන් ඊයේ ශතකය අතිශයින් වැදගත්ය.ඒ අවසන් තරගයට පිවිසීමට ජය ගත යුතුම තීරණාත්මක තරගයේ දී එය වාර්තා කිරීම හේතුවෙන්ය.

ගිල් වැන්නෙක්ට වඩාත්ම සුදුසු අනවර්ථ නාමය පන්දු යවන්නෙක්ගේ කීර්තිය හිල් කරන පිතිකරුවෙක් යන්නය.එවැනි පිතිකරුවෙක්ගෙන් දැවී යාමට ආසන්න අවස්ථාවක් ලැබෙන්නේනම් එය විශ්මිත අයුරෙන් සාක්ෂාත් කර ගන්නට පන්දු රකින්නන් සමත් විය යුතුය.නමුත් ඊයේ ටීම් ඩේවිඩ් අතින් අති විශිෂ්ඨ එවන් උත්සාහයක් ව්‍යර්ත විය.යළි මිඩ් විකට් කළාපයේ දී පන්දු යවන්නාට අඩි කිහිපයක් ඉදිරියෙන් වැටුණු උඩ පන්දුවට පන්දු යවන්නා උත්සාහ නොකළේ එය සමහර විට හතරේ පහරක් වීමට තිබූ ඉඩ නිසාය.නමුත් ගිල් වැන්නෙක්ගෙන් අසීරු අවස්ථා මිස පහසු අවස්ථා හමුවන්නේ නැත.එවැනි අවස්ථාවන් ගිලිහී ගියහොත් වන්නේ ගිල්ගේ පිත්තෙන් ප්‍රතිවාදීන්ට අපහසුතා ඇති වීමය.
මේ තරගවාරයේ අවස්ථා කිහිපයකදීම තැඹිලි වර්ණ හිස් පළදනාවේ උරුමක්කාරයා වූ සුබ්මන් ගිල් ඊයේ යළිත් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වෙමින් තරගාවසානයේ තරගයේ වීරයාගේ සම්මානයට අමතරව තැඹිලි වර්ණ තොප්පිය පළදා ගැනීමට ද සමත් විය.

ජටාවක් හිස නොපැළදුවද සුබ්මන් ගිල් පන්ජාබයේ ඉපැදි සික් ජාතිකයෙක්ය.අද බොහෝ සික් තරුණයෝ ගුරුද්වාරයට පමණක් හිසට රෙද්දක් දමා ගන්නා බවත් සම්ප්‍රදායික සික් ස්වරූපයම ප්‍රදර්ශනය නොකරන බවත් කියන්නේ වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහය.ඉන්දීය ජන සංයුතියේ අපූර්වත්වයන් ගැන හැදෑරීමක සිටින වෛද්‍යවරයා දැන් වසර ගණනක සිටි එක්සත් ජාතින්ගේ සංවිධානය නියෝජනය කරමින් ඉන්දියාවේ නේවාසික වෛද්‍යවරයාව කටයුතු කරන්නේය.ඔහුට අනුව ගත් විට සුබ්මන් ගිල්ගේ සීයා වන දිදාර් සිංග් ගිල් විසින් සුබ්මන් ගිල් ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ අභිවෘද්ධිය තකා චන්දිගාරයට පැමිණි පසු සුබ්මන්ගේ පළමු පිති පහ සැමරුම් ලෙස සිය භාරයේ තබාගෙන සිටින්නේය.මේ සටහනට ඇතුළත් කර තිබෙන සුබ්මන් ගිල් ගේ සීයා එම පිති සමඟ සිටින ඡායාරූපයද උපුටා ගත්තේ වෛද්‍ය පුෂ්ප රංජන්ගේ මුහුණු පොතෙන්ය.

ගිල් අවසාන වරට පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නොසිටියේ ය.නමුත් ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේදී කණ්ඩායමට කැදවීමක් ලැබිණ.ඒ කැදවීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ කීර්තිය හිල් කරන අවාසනාව කැඳ වූ එකක් විය.ගිල් ක්‍රීඩා කළේ ආවේශ වූ නැට්ටුවෙක් මෙන්ය.පන්දුව හයේ සීමාවේ පතිත කරවීම ඔහුට අත්ශයින් පහසු දෙයක් විය.ඒ රිද්මය එතැන් පටන් මේ මොහොත දක්වාම කළමණාකරනය කරගෙන ඉදිරියට ගෙනවිත් තිබීම ගිල්ගේ වැදගත්ම හැකියාවය.

මේ ප්‍රහාරයන් විස්සය විස්සට පමණක් සීමා වී නැත.ටෙස්ට් තරග 15 දී ලකුණු 890 ක් රැස් කර සිටින්නේ ශතක දෙකක් සහ අර්ධ ශතක 4 ක් සමඟය.එක්දින තරගවලද ඔහු අවස්ථා 24 දී ඉන්දියාව නියෝජනය කර ඇත.ලකුණු 1311 ක් රැස් කර ඇත්තේ ශතක 4 ක් සහ අර්ධ ශතක 5 ක් සමඟය.එක්දින තරග හයකි.එක් ශතකයකි.ඒ අනුව සුබ්මන් ගිල් තවමත් හැඳින්විය හැක්කේ තරග ගණන් හා සසඳද්දි නවකයෙක් හැටියටය.එහෙත් ඔහු පිත්ත හසරුවන පරිනත විලාශයට අනුව හෙට දවසේ ප්‍රවීන පිතිකරුවන් සතුව ඇති වාර්තා කොමපණ ප්‍රමාණයක් සුබ්මන් ගිල්ගේ නමට පරිත්‍යාග කරන්නට වේදැයි කිසිවෙකුත් නොදන්නේය.නමුත් කිසිවෙක් බලාපොරොත්තු නොවූ වාර්තාවන්වලට ද ගිල්ට යා හැකි වනු ඇතැයි බොහෝ දෙනෙක් මේ වන විට හිතමින් සිටින්නේය.
පිටියට පිවිසි පසු පළමු පන්දුවේ සිටම පන්දුව ටක්කෙටම කියවා ගැනීමට සුබ්මන් ගිල් ට ඇත්තේ අපූරු හැකියාවක්ය.සටහනේ මුල දී කී ලෙස පන්දු යවන්නා කවරෙක් වුව ද,නර්තන ශිල්පියෙක් මෙන් ගිල් සිය දිගු පා චලනය කරමින් නිවැරදිව පන්දුවේ පතිතය වෙතට යොමු කරන්නට ද සමත් ය.බොහෝ දැඩි පහර දෙන්නන් සතුව නැති තාක්ෂණික අනන්‍යතාවයක් ද ගිල් ට ඇත.ඒ නිසාම ඔහු පන්දුව යොමු කිරීමේදී පන්දු රකින්නන් නැති හිස් තැන් සොයා ගන්නේය.ඒ හරහා හයේ පහර මෙන්ම විශාල ලකුණු දෙකේ පහරවල්ද සිය ලකුණුවලට එකතු කර ගන්නේය.එ් සඳහා වන හොඳම උදාහරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවසාන තරගයට ඇති පාර වසා දැමූ පන්දු 60 න් ලැබූ ලකුණු 129 ඉණිම අධ්‍යයනය කිරීමෙන් ද ලබා ගන්නට හැකිය.ඒ වෙනුවෙන් ඔහු හතරේ පහර 7 ක් සහ දැවන්ත හයේ පහර 10 ක් ද එල්ල කරන්නේය.

සුබ්මන් ගිල් ගැන ඇත්තම කතාව තවමත් ඔහු පැමිණියා විතරක්ය යන්නය.නමුත් ඔහු පැමිණි විගස සළකුණු කර ඇති අනන්‍යතාවය අතිශයින් වැදගත්ය.බොහෝ පිතිකරණ වාර්තා වෙනස් විය හැකි පෙණුමක් ඔහුගේ රටාවෙන් පැහැදිළිය.හෙට ඔහු තව ශතක කීයක් ලබා ගනී ද යන්න පිළිබදව අනාවැකි කියන්නට නොහැකිය.නමුත් ඔහු සනාත කර ඇත්තේ පන්දු යවන්නන්ට දවාලන්නට අසීරු ලක්ෂණ සහිත පිතිකරුවෙක් බවය.එය පන්දු යවන්නන් ගිල් ට පන්දු යවන හැම මොහොතේම හොඳින්ම සිහියේ තබා ගන්නවා සැක නැත.ඒ නිසාම හෙට දවස ගිල් යනු පන්දුවත් පිත්තත් අතර සටනේ වර්ණවත් සාධකයක් වනු නිසැකය.

මේ සියල්ල අතර සුබ්මන් පෞද්ගලික ජීවීතයේ ආදරය සම්බන්ධයෙන් ඇති කර ගෙන ඇති තත්ත්වයනම් පැටලිලි සහගතය.ඔහු සාරාවරුන් දෙදෙනෙකුට මැදිව නිවැරදි පන්දුව තෝරා ගැනීමට අසමත් පිතිකරුවෙක් මට්ටමට වැටී ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තාවලින් පැහැදිළි වන්නේය.එක් සාරා කෙනෙක් සාරා තෙන්ඩුල්කාර් ය.

සාරා අලී ඛාන් සමඟ

සුපිරි ක්‍රීඩක සචින්ගේ දියණිය වන ඇය වෛද්‍ය විද්‍යාව හදාරා ඇත්තියකි.අනෙක් සාරා සිනමා නිළි සාරා අලි ඛාන් ය.මේ සාරාවරුන් දෙදෙනාම ගිල්ට වඩා මදක් වයසින් වැඩි වීම ද කේෂ්ත්‍රයේ කතාබහට ලක් වී ඇති අතර එම දෙදෙනාගෙන් කවුරුන් තෝරා ගත්ත ද එය ගිල්ගේ මනස නිරෝගීව සහ නිදහස්ව තබන තීරණයක් විය යුතුය.නැතිනම් ඔහු වෙතින් දුටුව ක්‍රිකට් උන්මාදකරුවන්ගේ ආදරය ගිලිහෙන මට්ටමට වැටී, විශ්මිත හැකියාව දියව යා හැකිය.

සටහන – නිශ්මං රණසිංහ


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan