රුපියල ශක්තිමත් නෑ , සිදුවන්නේ වෙනදෙයක්  – මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සඳහන් කරන ආකාරයට රුපියල ශක්තිමත් වෙමින් ඇත්තේ විදේශ ණය ගැනීම පැහැර හැරීමත් රටින් පිට වෙන ඩොලර් ප්‍රමාණය අඩු කිරීමත් හේතුවෙන් බවයි. ඒ මහතා පවසන්නේ අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට පැහැර හැර ඇති විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හතරහමාරක් බවයි .

මෙම ණය ගෙවිම පැහැර හැරීමෙන් පසු විදේශ රටවලට මෙරටින් ගලා ගිය මුදල් ඉතිරි වීම හේතුවෙන් රුපියල ශක්තිමත් වෙමින් පවතින බව මෙයට ප්‍රධාන හේතුව බව මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි .නමුත් ,  එය ස්ථාවර තත්ත්වයක් ලෙස හුවා දැක්වීම පිළිගත නොහැකි බවද පැවසූ ඔහු දැනට මෙරට විදේශයන්ට ඩොලර් ගෙවන්නේ ගල් අඟුරු ඉන්ධන ගෑස් කිරිපිටි හා ඖෂධ වැනි දේට පමණක් බවද ඒ මහතා පෙන්වා දෙයි.

ණය ගෙවීම පැහැර හැරීම නිසා ඩොලර් ඉතිරි වීම ආර්ථික ස්ථාවරත්වයක් ලෙස අර්ථ දැක්විය නොහැකි බවත් සැබෑ ස්ථාවරත්වයක් ඇති වීමට රට තුළ විදේශ සංචිත වැඩි විය යුතු බවත් ,  ගෙවීම් පැහැර පැහැර හැර ඇති මුදල් ප්‍රමාණය අභිබවා යන විදේශ මුදල් ප්‍රමාණයක් සංචිත ලෙස එක්කරගැනීම කළහොත් පමණක් බංකොලොත් භාවයෙන් මිදෙනු ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...