*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

වව්නියාව දිස්ත්‍රික් රෝහලේ නව හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනපති රනිල් අතින් විවෘත කෙරේ

සටහන – රුවන් නෙළුගොල්ල

නෙදර්ලන්ත රජයේ ආධාර මත රුපියල් මිලියන 3329ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (26) විවෘත කෙරිණි.

මෙම නව තෙමහල් ගොඩනැඟිල්ල හෘද රෝග ඒකකය, හෘද කැතීටකරණ රසායනාගාරය (Cath Lab), හෘද උරස් ශල්‍යාගාරය (Cardiothoracic theatre), හෘද දැඩි සත්කාර ඒකකය (Cardiac ICU), එකෝ කාඩියෝග්‍රැෆි (Echo Cardiography), ව්‍යායාම විද්‍යුත් කන්තුක රේඛන (Exercise ECG), ජංගම රුධිර පීඩන අධීක්ෂණ ඒකකය (Ambulatory BP monitoring), ජංගම විද්‍යුත් කන්තුක රේඛන (Ambulatory ECG monitoring) අධීක්ෂණ ඒකකය ආදී නවීන පහසුකම්වලින් සම්නවිතය.

වකුගඩු රෝග ඒකකය සඳහා රුධිර කාන්දුපෙරණ ඒකකය, ස්කෑන් කාමරය සහ වකුගඩු රෝගීන් සඳහා විශේෂ පහසුකම් කාමරය සහ ශල්‍ය ඒකකය ආදී පහසුකම් ඇතුළත් වේ.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ යහපාලන රජය යටතේ 2019 වසරේදී එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස මෙන්ම විදේශ සම්පත් විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙම වෛද්‍ය ඒකකය ඉදිකිරීම සඳහා නෙදර්ලන්ත රජය සමඟ එකගතාවකට එළැඹීමට මා කටයුතු කළා. අද එය විවෘත කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ සතුටු වෙනවා. ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලුදෙනාට මා ස්තූතිවන්ත වෙනවා.

එසේම මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කර ගැනීමට කැපවූ නෙදර්ලන්ත රජයට ස්තූතිවන්ත විය යුතුයි. උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට නෙදර්ලන්ත රජය පුළුල් දායකත්වයක් ලබා දි තිබෙනවා.

මේ වනවිට ‍යාපනය රෝහල සමඟ පේදුරුතුඩුව රෝහලත් උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් ලබා දෙනවා.

A9 මාර්ගය යනු ශ්‍රී ලංකාවේ කොඳු ඇට පෙළයි. එම මාර්ගය ඔස්සේ වව්නියාව, මාන්කුලම සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල නවීන රෝහල් තුනක් ඉදි කර තිබෙනවා. කරාපිටිය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමෙන් පසුව යාපනය රෝහලද ජාතික රෝහලක් බවට පත් කිරීමට අප තීරණය කළා.

ඒ වගේම A9 මාර්ගයේ අනෙක් කොළවරේ අනුරාධපුර ශික්ෂණ රෝහල තිබෙනවා. ඒ වගේම ව‍ව්නියාව රෝහල සංවර්ධනය කර ශික්ෂණ රෝහලක් බවට පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා මාගෙන් ඉල්ලා සිටියා. අනුරාධපුර සහ යාපනය අතර පවතින්නේ කිලෝමීටර 65 ක දුර ප්‍රමාණයක් පමණයි .ඒ අනුව ඉතා ශක්තිමත් රෝහල් පද්ධතියක් අද මෙම පළාතට ලැබී තිබෙනවා. එය කොළඹින් පිට වෙනත් පළාතක දැකීමට නොහැකි තත්ත්වයක් බව කිව යුතුයි.

උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් ලැබී ඇති මෙම සෞඛ්‍ය සේවා තවදුරටත් ශක්තිමත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලිය යුතුයි.

කොළඹ නගරයට අමතරව සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස අනුරාධපුර සිට යාපනය දක්වා දිවෙන A9 මාර්ගයත් පත්ව තිබෙනවා. ඒ වගේම මේ හරහා වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සඳහා ද බොහෝ අවස්ථාවන් පවතිනවා. එසේම මෙරට ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීම වෙනුවෙන් මෙය වැදගත් ව්‍යාපෘතියක් වනු ඇතියි. අප මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා. ඒවගේම මේ ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නෙදර්ලන්ත රජය අපට ඉදිරියේදීත් උපකාර කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා”

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝබැක් (Bonnie Horbach) මහත්මිය, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන්, උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ලක්ෂ්මනන් ඉලංගෝවන් යන මහත්ම මහත්මීන් සහ උතුරු පළාත් සභාවේ නිලධාරීන්, පළාත් සෞඛ්‍ය නිලධාරීන්, රෝහල් කාර්යමණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan