සටහන – කවෝදි කුළුණුමිණී
මැයි 27, කොළඹ (LNW): 22 හැවිරිදි ඉරාන ජාතික කාන්තාවක් වන මහ්සා අමිනී මිය ගිය විට ඇති වූ තත්ත්වය මිනිස්සු බලපෑම් යටතේ ජීවත්වීමට වඩා එයින් නිදහස් වීමට මරණය ඉදිරියට වුව යාමට කැමති බව ප්‍රකාශ කිරීමක්ය.
කාන්තා නිදහස ගැන කියන අතරේම හිජාබය සම්බන්ධයෙන් දැක් වූ දැඩි නීති හරහා සාමාන්‍ය මනුෂ්‍යය ජිවිතයක් ගත කිරීමට ගැහැණියට ඇති අයිතිය අවලංගු කළේය.හැකියාව කුසලතාවය නොව ලිංගිකව ගැහැණියක වීම දෙවන මට්ටමේ පුරවැසියෙක් ලෙස සැළකීම පිළිකුල් සහගතය.
ලෝකය සමඟ සමාන්තරව ගමන් කරන්නට කැමති තරුණ ප්‍රජාවගේ අදහස්වලට උවමනාවන්ට වැට බැන්දේය.රැප් ගායකයාගේ මරණය තමන්ගේ අදහස් දැක්වීමය.තමන් අරුචි දෙයක් සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට ඇති අයිතිය මරණයට හේතුවක් වීම ගෝත්‍රික තත්ත්වයක්ය.ආගමික මුහුණුවරකින් ධර්මයක් මුල් කරගෙක කරන පාලනයක දැඩි බව ඒ ධර්මයේ උවමනාවක්ද,බලකාමයේ ස්වරූපයක් ද යන්න ලෝකය වඩාත් විවෘතව තිබෙන මොහොතක ඉතිහාසයේ සිටම කරුණු සොයා ගැනීම අපට අසීරු නැත.
හිටිලර් වැනි දක්ෂ කලා හැකියාවක් තිබුණු චිත්‍ර ශිල්පියෙක් පසුව මේ බල වියරුව නිසා ඉතිහාසයේ සිටි දරුණුම මිනිස් ඝාතකයෙක් බවට පත් වන්නේය.මෙවැනි ඝාතකයන් වූ දරුණු නායකයන් කටයුතු කර තිබෙන්නේ තමන් තුළ ඇති බලකාමි හැඟීම් වත්වා ගෙන යාමේ උවමනාව ඇතුව සකස්කර ගත් සීමිත ව්‍යහුයකට සමස්ත ජනතාවම යටත් කර ගැනීමට සහ එසේ නොවන අය විනාශ කිරීමේ ම්ලේච්ඡ හැඟීමත් සමඟය.මුසොලනී,ඉඩි අමින් වැන්නන් ද ඉතිහාසය තබන්නේ එතැනය.
අන් සෑම කෙනෙකුගේම මෙන් නායකයාගේ සැරයටිය අනෙකාගේ (පුරවැසියාගේ) නහයේ නො’වදින්න තබා ගැනීම වැදගත්ය.රයිසි සම්බන්ධයෙන් සතුටු වීම ශිෂ්ඨ සම්පන්න නැත.එහෙත් ඒවා අශීෂ්ටත්වයට ප්‍රතිචාර ලෙස ලැබෙන ඒවා ලෙස හැඟෙන බැවින් නැවත්වීමට විසඳුම මරණය නොවිය යුතුය.ඉරානය මැතිවරණයක් ආසන්නයේ සිටින බැවින් මේ තත්ත්වය අලුතින් පත්වන කිසිඳු නායකයෙකුට මඟ හැර යන්නට නොහැකිය.මිනිස්සු ඉල්ලා සිටින ජීවත්වීමේ නිදහස සහ ජීවත්වීමට අවශ්‍යය කරන විශ්වාසය ගැන වැඩි අවධානයක් යොමු විය යුතුය.