සමාජ මාධ්‍යවලින් බොරු මඩ ප්‍රචාර කරනවා වෙනුවට මාත් එක්ක ජනතාවට සේවය කරන්න එන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන සුබසාධන වැඩසටහන් කෙතරම් වැදගත් ද කියන්නේ නම්, වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයා සිටියදී “හුස්ම” වැඩසටහන යටතේ රටට උදව් කරන ලෙස ඉල්ලා සිටි බවත් ඒ අවස්ථාවේ හෘද රෝගීන්ට ලබා දෙන ලක්ෂ 150ක් වටිනා බෙහෙතක් ආණ්ඩුවට ලබා ගැනීමට නොහැකිව තිබිය දී විපක්ෂ නායකවරයා ලෙස තමා එම බෙහෙත් රටට ලබා දුන් බවත් 76 වසරක ඉතිහාසය තුළ මෙවැනි සිදුවීමක් සිදුවූ පළමු අවස්ථාව එය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගයේ ජාතික ප්‍රතිපත්තිය වී ඇත්තේ අධ්‍යාපනයට මුල්තැන ලබා දීම බවත් ඒ සඳහා ඕනෑ තරම් වැඩපිළිවෙළවල් තමා සතුව ඇති බවත් කී විපක්ෂ නායකවරයා මේවා කියන විට වැඩ බැරි සමාජවාදීන් සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන විවිධාකාරයෙන් රටේ ජනතාවට බොරු තොරතුරු සපයා රටේ ලක්ෂ 220ම නැවත වරක් 2019 මෙන් රැවටීමට, ඇන්දවීමට උත්සාහ කරන බවත් පැවසීය.

මෙවැනි ඇන්දවීම්, රැවටීම් සිදු නොකර තරගයට ජනතාවට උදව් කිරීමට, රෝහල් හා පාසල්වලට උදව් කිරීමට එකතු වන ලෙස ඉල්ලා සිටින බවත් එමඟින් වාසිය ලැබෙන්නේ රටේ ජනතාව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

රට බංකොලොත් වී ඇති මොහොතක තමා කියන දේවල් කරන්නේ කොහොමද කියා ප්‍රශ්නයක් පැන නැගිය හැකි බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ඔවුන්ට කියන්න ඇත්තේ 76 වසරක ඉතිහාසය තුළ බලයක් නොමැතිව රටට වැඩක් කළ එකම විපක්ෂය වන්නේ සමගි ජන බලවේගය බවත් ජනතාව ඉල්ලා සිටි ක්‍රමයේ වෙනස පවා සජබ ආරම්භ කළේ අරගලයට පෙර බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා (25) සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 200 වැනි අදියර යටතේ අනුරාධපුර කැකිරාව පලාගල මනේරුව මහා විද්‍යාලයට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී ඒ මහතා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මානුෂිය ආධාර කප්පාදුව හේතුවෙන් මරණ මිලියන 14කින් ඉහල යන ලකුණු

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...