ෆොන්සේකා යළි අපේක්ෂක පොර පිටියට, හතු වලට වඩා වේගයෙන් පිපෙන දේශපාලන පක්ෂ, පොහොට්ටු අපේක්ෂකයා රනිල්ද? සමඟින් උදෑසන DAILY NEWS @8!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 28, කොළඹ (LNW):

නීතිපති සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ,ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාස ව්‍යාපෘති හතරක යොෂිඩා පදනම මඟින් පවත්වාගෙන යන පෙර පාසල් සහිත භූමිය එම පදනමට පවරා ගැනීමට පියවර ගෙන ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සඳහා පමණක් වන එකඟතාවක් පමණක් වන අතර ඉන් ඉදිරියට ඉදිරිපත් කරන්නේ රටට සුදුසුම නායකයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනාවට ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් ගැන නවතම තතු හෙළිවෙයි.

තවත් තොරතුරු රැසක් සමඟින් එක්වන්න DAILY NEWS @8 සමඟ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රමිත් රඹුක්වැල්ලට එරෙහිව අධිචෝදනා භාර දෙයි!

කොළඹ LNW:අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින...

මෙවර අයවැය ඉදිකිරීම් කර්මාන්තයට බලපාන්නේ කෙසේද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : රජයේ අයවැය ඉදිකිරීම්...

භාණ්ඩාගාරය පිරවූ ආණ්ඩුවේ තියරිය විපක්ෂ නායකගේ ඇසින්!

කොළඹ LNW: ඉතිහාසයේ පළමු වරට වත්මන් රජය යටතේ මහා...

ලිංගික අධ්‍යාපනයට විරුද්ධ වීම දරුවන්ට කරන අසාධාරණයක් ද?

විශේෂ ලිපිකරුවකු විසිනිනොවැම්බර් 11, කොළඹ (LNW): අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...