මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටි කාලයේදී වෙලාවට ඡන්දෙ තිබ්බා – නාමල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 28, කොළඹ (LNW): මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නෑ -නාමල් රාජපක්ෂ

මැතිවරණ කල් දැමීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

අද දින නෙළුම් මාවතේ රැස්වීමක් අවසානයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කලේය,

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ප්‍රතිපත්තිවලට හානි කරයි . මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටි කාලයේදී වෙලාවට ඡන්දෙ තිබ්බා. මැතිවරණ කල් දැම්මෙ නෑ. දේශපාලන මෙන්ම රටක ස්ථාවරත්වය ඇති විය යුත්තේ ජනතා කැමැත්තෙන් මිස ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවේ”

යැයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 24) දිනයේදී මධ්‍යම, ඌව...

විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු විදේශ කටයුතු ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට නිල සංචාරයක නිරතව සිටි ඉන්දීය...

මාලිමා මන්ත්‍රී ශාන්ත සම්බන්ධ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...