ආයෙ කවදාවත් මේ පක්ෂයට ගොඩ එන්න බෑ – එජාප තවත් සංවිධායකයෙක් ඉල්ලා අස්වෙයි !

Date:

එක්සත් ජාතික පක්ෂයේ මහියංගණය ආසන සංවිධායක කරූ වීරරත්න එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (28) එජාප මහලේකම් තලතා අතුකෝරාළ වෙත යොමුකර ඇත.

“රනිල් වික්‍රමසිංහ කියන නායකයාට අපි පුදුමාකාර විදිහට ආදරෙයි. මොකද ඔහු තමයි මේ රට ගොඩ ගත්ත නායකයා. හැබැයි ඒ නායකයාට අපි කොච්චර ආදරය කළත් වැඩක් නෑ. මොකද මේ පක්ෂයට අරක් ගත්ත මහ අය ටිකක් ඉන්නවා. ඒ අයට මහපොළොවේ යථාර්ථය තේරුම් ගන්න බුද්ධියක් නෑ. මහපොළොවේ ඇත්ත තේරුම් ගත්තේ නැති නිසා තමයි පක්ෂය හැඳි ගෑවිලාම ගියේ. ඒ නායකයින්ගේ ඔලමොට්ටල තීරණ නිසා. හැබැයි මම පෞද්ගලිකව රනිල් වික්‍රමසිංහ කියන නායකයාට ආදරෙයි ඔහු තමයි මේ රට ගොඩ ගන්න ඉන්න නායකයා කියලා මම අදටත් විශ්වාස කරනවා. හැබැයි ආයේ කවදාකවත් මේ පක්ෂයට ගොඩ එන්න බෑ. ඒ නිසා මම මෙතෙක් කලක් දරපු එක්සත් ජාතික පක්ෂයේ මහියංගනය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. ඒ සඳහා වූ ලිපිය පක්ෂයේ මහලේකම්වරියට හා පක්ෂ නායකතුමාට යැවීමට කටයුතු කළා” යැයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...