පවතින ආර්ථික අර්බුදය විසඳුම් ලබා දී රට යළිත් ගොඩනැගිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඔහුට ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සුදුසුකම් සහ හැකියාව තිබෙන බවයි කරුණානායක මහතා සඳහන් කරන්නේ.
පරිණත දේශපාලන නායකයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතාට ආර්ථික අර්බුදය ජයගත හැකි බවත්, ඒ සඳහා ලෝකයේ බොහෝ රටවලින් සහාය ලබාදෙනු ඇති බවත් රවී කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
UN