මෙච්චර ප්‍රශ්න ගොඩකට මුහුණ දීලාත් මේ ගාණට හරි රට තියෙන්නේ අපේ ආණ්ඩුව නිසා – ඇමති සමන්ත

සටහන – රුවන් නෙළුගොල්ල

දිට්වා සුළිකුණාටුව, මැදපෙරදිග යුද්ධය වැනි ප්‍රශ්නවලට මුහුණ දෙමින් පවා මේ තත්වයෙන් හෝ ශ්‍රී ලංකාව පවතින්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නිසා බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“අපි අලුතෙන් ආණ්ඩු කරන කණ්ඩායමක්, පරණ අය නෙවෙයිනෙ. තාම ආණ්ඩුව අරගෙන අවුරුදු එකහමාරයි. ගන්නකොටත් ගොඩක් ප්‍රශ්න. අපිට මේක දුන්නෙත් ප්‍රශ්න හින්දානෙ. ප්‍රශ්න ගොඩක් එක්ක රට බාර අරන් අපි මේක ටික ටික හද හදා එනකොට ඔන්න තවත් ලොකු ප්‍රශ්නයක් ආවා, ඒක තමයි දිත්වා. ඒක ආයෙ රටේ ඉතිහාසයේ ලොකුම ප්‍රශ්නයක්ද, නැද්ද ? විශාලම විනාශයක් වුණා. දැන් ඒ ප්‍රශ්නෙටටත් මුහුණ දීගෙන එනකොට ඔන්න තවත් ප්‍රශ්නයක් ආවා. මොකක්ද ? ඇමරිකාව, ඊශ්‍රායලය, ඉරානය ගහගන්න යුද්ධය ආවා. තෙල්ව ගාණ වැඩිවුණා, ගෑස් ගාණ වැඩිවුණා, පොහොර ගාණ වැඩිවුණා. අපි ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. හැබැයි මේ ප්‍රශ්න ගොඩකට මුහුණ දීලාත් මේ ගාණට හරි රට තියෙන්නේ මේ ආණ්ඩුව තියෙන හින්දා. නැත්නම් තිබ්බා බලන්න මොන මොනවා වෙයිද කියලා. ඒ නිසා මේ රටේ මේ ප්‍රශ්න නිරාකරණය කරගෙන ඉස්සරහට යන්න අපට ජනතාවගේ සහාය අවශ්‍යයි”

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් හානිවූ උමා ඇළ ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (27) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...