සටහන: සශිකලා මධුෂාණි
මැයි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා-ඉරාන සටන් විරාමය උල්ලංඝණය කරමින් ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් අද(28) දෙවන වරටත් ඉරානයේ උපායමාර්ගික වරාය නගරයක් වන බන්ඩාර් අබ්බාස් හි හමුදා ස්ථානයක් ඉලක්ක කර ගනිමින් ප්රහාරයක් දියත්කර තිබේ.
මෙම ප්රහාරය ඇමරිකා එක්සත් ජනපදය විසින් දින තුනක් තුළ ඉරානයට එල්ල කරන ලද දෙවන ප්රහාරය වන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනපද මධ්යම අණදෙන නිලධාරි මාධ්ය වෙත සඳහන් කර තිබුණේ, හෝර්මුස් සමුද්ර සන්ධිය වටා ඩ්රෝන යානා හතරක් ද වෙඩි තබා බිම හෙලන ලද බවත්, පස්වන ඩ්රෝන යානයක් දියත් කිරීමට ආසන්නව සිටියදී බන්ඩාර් අබ්බාස් හි ස්ථානයට පහර දුන් බවත්ය.
මෙම ප්රහාර එල්ල වන්නේ එක්සත් ජනපදය සහ ඉරානය අතර දිගුකාලින සටන් විරාමයක් සඳහා සාකච්ජා මාධ්යය.
කෙසේ නමුත් ඉරානය විසින් මෙම ප්රහාර සටන් විරාමය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස දැක ඇති අතර ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් එක්සත් ජනපද ප්රකෝපකාරී ආක්රමණ දිගටම පැවතුනහොත් වඩාත් තීරණාත්මක ක්රියාමාර්ග ගන්නා බවට අනතුරු ඇඟවා ඇත.

