දුරකථන, විදුලි සංදේශ සහ මාධ්‍ය ඇතුළු සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනකින් යුතුව දුරකථන, විදුලි සංදේශ සහ මාධ්‍ය සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අද (28) දින ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එමෙන්ම විදුලිය, ඛණිජතෙල්,රෝගී ප්‍රතිකාර,ගිලන් රථ, ප්‍රවාහන සේවා, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් පාලන,බැංකු, ජලසම්පාදන, ඇතුළු සේවා රැසක්ද අත්‍යාවශ්‍ය සේවා බවට පත් කර ඇත.

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වී ඇති පසු ආපදා තත්ත්වය සලකා සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා මෙම සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කර ඇත්තේ .

ඒ අනුව එම ගැසට් නිවේදනය පහතින් ,

  1. විදුලි බලය සැපයීම සම්බන්ධව සියළු සේවාවන්
  2. ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම
  3. රෝහල් වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතන වල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය
  4. මගින් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා
  5. මංමාවක්, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළවල්, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළුව, මංමාවත්, දුම්රිය මාර්ග හෝ ගුවන් මගින් ගමනාගමන සේවා, සංචාරක සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම
  6. ජලය සැපයීම සහ ජලාපවහනය සම්බන්ධ සියලු සේවාවන්
  7. ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, ආරක්ෂා කිරීම සහ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවාවන්
  8. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්‌යාල, ප්‍රාදේශීය ලේකම් කාර්‌යාල, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්, ක්ලීන් ශ්‍රී ලංකා කේන්ද්‍රීය කණ්ඩායම් නිලධාරීන් ඇතුළු සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්‌යාලයන්හි ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් විසින් ඉටුකළ යුතු වන්නා වූ හෝ ඉටුකිරීමට අවශ්‍ය වන්නා වූ කවර වුව ස්වභාවයේ සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය
  9. ගිලන් රථ සේවාවන්
  10. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු
  11. ජලය සැපයීම, විදුලි බලය, ජලාපවහනය සහ කසළ කාණු ක්‍රමය, ගිනි නිවීමේ හා ගිලන් රථ සේවය, (අසූච් ගෙන යාම හා බැහැර කිරීම ඇතුළුව) කසළ ශෝධනය සහ කුණු ඉවත් කිරීම සඳහා යම් පළාත් පාලන ආයතනයක් මගින් කර ගෙන යනු ලබන යම් කාර්‌ය භාරයක් සහ පළාත් පාලන ආයතන මගින් සිදු කරන සියලුම සේවාවන්
  12. වාරි මාර්ග සම්බන්ධ සියලු සේවාවන්
  13. දුරකථන, විදුලි සංදේශ සහ මාධ්‍ය සම්බන්ධ සියලු සේවාවන්
  14. පහත් බිම් ගොඩ කිරීම සහ සංවර්ධනය කිරීම සම්බන්ධ සියලුම සේවාවන්
  15. කෘෂි සහ කෘෂි රක්ෂණ සේවා සම්බන්ධ සියලු සේවාවන් අයත් වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...