*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ජපන් ගිය රනිල් ….

රනිල්ගේ ජපන් සංචාරය ඉවරයි කියලා ආරංචියි. අනුප්‍රාප්තික ජනාධිපති විදිහට රනිල් කරපු හැම විදේශ සංචාරයක්ම වගේ දැඩි විවේචනයට ලක්වුනා.පසුගිය දවසක අන්තරේ කැදවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් කියලා තිබුණේ මහපොළ දීමනාව වැඩි නොකරන රනිල් ජනතා මුදල්වලින් එංගලන්තේ මළ ගෙදරකටයි,මඟුල් ගෙදරකටයි ගිහින් ආවා කියලා.ඒ කියන්නේ එලිසබෙත් රැජිනගේ අවමගුලට සහ චාල්ස්ගේ රාජාභිෂේකයට වෙන්න ඕනි. රනිල්ගේ ජපන් සංචාරයටත් ඒ වර්ගයේ වැඩවසම් ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්.

ඇත්තටම අපේ රටේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය කියන්නේ පහුගිය කාලේ සම්පුර්ණයෙන්ම අවුල් වෙලා තිබුණ ක්‍රියාවලියක්. මහින්දගේ කාලේ තමයි වැඩේ අවුල් වෙන්න පටන් ගත්තේ.යහපාලන ආණ්ඩුව යටතේ මෛත්‍රි,රනිල් සහ මංගලගේ මැදිහත්වීමෙන් යම්තාක් දුරට ආයෙත් ඒ ක්‍රියාවලිය යථාතත්වයට පත්වෙමින් තිබුණා. මංගලගේ තිබුණ බටහිර නැඹුරුව හින්දා බටහිරින් අපට එල්ල උන පීඩනය සෑහෙන දුරට යටපත් වුනා. ගෝඨාභයගේ කාලේ ආයෙත් සියල්ල විනාශ වුනා.ගෝඨාභයට රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධ මෙලෝ දැනුමක් තිබුණේ නෑ. ගෝඨාභයට තිබුණෙත් අර රාජපක්ෂලාට තියන ජානගත වැඩවසම් උද්දච්චකම විතරයි. ඇමරිකාව ප්‍රමුඛ බටහිර,ඉන්දියාව, චීනය,ජපානය වගේ රටවල් අපෙන් වේගයෙන් ඈත් වෙමින් තිබුණා. රාජපක්ෂලාට හිතවත් රාජ්‍ය නායකයෙකුට හිටියේ ස්වාසිලන්තයේ වැඩවසම් රජා විතරයි.

රටක රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය අවුල් කරගන්නවා කියන්නේ ලොකු ඇක්ෂිඩන්ට් එකක්.රාජපක්ෂලා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය අවුල් කරගත්තා විතරයක් නෙවෙයි රටත් බංකොලොත් කළා.නිකං හිතන්නකෝ මේ දෙකම එකට වෙච්චි රටකට පවතින්න පුළුවන්ද කියලා.අපි මේ මොහොතේ ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඉතා බරපතල කොන්දේසි යටතේ ණය අරන්.IMF එක අපට සල්ලි පිනට දීලා නෑ.IMF එක අපට කියන්නේ ඉන්දියාව,චීනය,ජපානය ඇතුළු බටහිර රටවල් එක්ක කරපු මූල්‍ය ගනුදෙනු විනිවිද භාවයකින් කරන්න කියලා.ඒ ක්‍රමවේදය IMF එකට පැහැදිලි කරන්න කියලා. එහෙම නැතිව චීනෙන් ණය ගන්න එපා හරි,චීනෙන් ගත්ත ණය ගෙවන්න එපා කියලා හරි නෙවෙයි. මේ ක්‍රියාවලිය පවත්වාගෙන යන්න අපිට ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් තියෙන්න ඕනි.හැබැයි IMF ක්‍රියාවලිය එන්නත් ඉස්සෙල්ලා අපේ ණය හිමියෝ අපිත් එක්ක තරහා වෙලා.

ඒකට හොඳම උදාහරණය ජපානය. ජපානය අපිත් එක්ක තරහා උනේ රාජපක්ෂලා,ජයසුන්දරලා කරපු තක්කඩි වැඩවලින්.IMF ක්‍රියාවලිය ආවේ අපි ජාත්‍යන්තර වශයෙන් කොන් වෙලා ඉන්න වෙලාවක.රනිල් ඉස්සරහ තිබුණ දැවැන්ත අභියෝගය ඒක.ඇත්තටම රනිල් ටික ටික අපට එල්ල වෙමින් තිබුණ ජාත්‍යන්තර පීඩනය සමනය කරගනිමින් ඉන්නවා.ඒකට තවත් උදාහරණයක් විදිහට රනිල්ගේ ජපන් සංචාරය ගන්න පුළුවන්. ජපානය කියන්නේ ආසියාවේ දියුණුම රටක් වගේම අපටත් ඉතා සමීපව හිටපු රටක්.ඒ සමීපකම නැති කළෙත් රාජපක්ෂලා.ඒකෙන් වාර්ෂිකව ජපානයෙන් අපට හම්බවුන ගොඩක් දේවල් නැතිවුනා.ජපානය ජේආර්ට සුවිශේෂී සැලකිල්ලක් දක්වන රටක්.ඒ දෙවන ලොක යුද්ධයෙන් පස්සේ එක්සත් ජාතින්ගේ සංවිධානයේදී ජේආර් පරාජිත ජපානය වෙනුවෙන් කරපු කතාවක් හින්දයි.ඒ වගේම අපේ හිටපු මැරතන් ශූරයෙක් උන රණතුංග කරුණානන්ද කියන්නේ ජපන් අධ්‍යාත්මය ඇතුලේ ජීවත් වෙන කෙනෙක්.

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 10000 ඉස්ව්වේන් 29 වෙනියා විදිහට පරාද වුන කරුණානන්දගේ අධිෂ්ඨානශීලීත්වය හින්දා අපේ රටේ නමත් කරුණානන්දගේ නමත් ජපන් පෙල පොත් අතර ලියවිලා තියනවා.හැබැයි මෙහේ හිටපු ජාතියේ අප්පච්චිලා,බාප්පොච්චිලා කරපු කොමිස් කුට්ටි දේශපාලනයෙන් ජපානය අපිව අත්හැරලා දැම්මා.ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක කරන්න නියමියව තිබුණ ලයිට් රේල් ව්‍යාපෘතිය රාජපක්ෂලා ඒක පාර්ශ්වික නතර කළා.ඇත්තටම ඒක මහ ගොන් තක්කඩි වැඩක්. රටවල් දෙකක් අතර කෙරෙන ඒකාබද්ධ ව්‍යාපෘතියක් එහෙම තනි තීරණයකින් නතර කිරීම රාජ්‍ය තාන්ත්‍රික නෑ වගේම සදාචාරාත්මකත් නෑ.හැබැයි ඉතින් ඒවා සිද්ධවුනේ මෝඩකමටම නෙවෙයි.කොමිස් කුට්ටි ඉලක්ක කරගෙන කරපු දේශපාලනය වෙනුවෙන්.රනිල් ජපන් අගමැති හම්බ උන ගමන් ලයිට් රේල් ව්‍යාපෘතිය නවතා දැමීම ගැන සමාව ඉල්ලලා තිබුණා.ඒකෙන් ගෝඨාභය බිංදුවටම හෑල්ලු වුනා. හැබැයි ඉතින් ඒකට කරන්න දෙයක් නෑ.

තක්කඩි වැඩ කලා නං ඒ හෑල්ලුව විඳගන්න ඕනි.රටේ රාළට තියන ප්‍රශ්නේ ගෝඨාභය හෑල්ලුවීම නෙවෙයි.ගෝඨාභය හින්දා අපේ රට හෑල්ලු වෙච්චි එකයි.කොහොම හරි රනිල් ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රික බේරගත්ත බව ආරංචියි.රනිල් මේ සංචාරයේදී ජපානයේ අගමැති ඇතුළු රාජ්‍ය නායකයින් හම්බවුනා. ඊට අමතරව සිංගප්පූරුවේ සහ වියට්නාමයේ රාජ්‍ය තාන්ත්‍රසිකයන් හම්බවෙලා තිබුණා.සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙලද ගිවිසුම ගැන වගේම ද්විපාර්ශ්වික සබඳතා ගැන කතා කරන්න ඇති.රනිල් ජපානයේදී ” නික්කෙයි ” සමුළුව අමතලා තිබුණා.නික්කෙයි සමුළුව කියන්නේ ආසියාවේ අනාගතය ගැන කතා කරන ජාත්‍යන්තර සමුළුවක්.රනිල් නික්කෙයි සමුළුවේදී කියලා තිබුනේ ආසියාව ගෝලීය ආර්ථික බල කේන්ද්‍රය සහ වඩාත්ම ගතික කලාපය බවට පත්වෙලා කියලයි. ආසියාව ගැන රනිල්ගේ තියන දැක්ම නික්කෙයි කතාවෙන් එළියට ආවා.

රනිල් කිව්වේ මහ බලවතුන් අතරින් කෙනෙක් තෝරගන්න කියන බලපෑම ආසියාවට කරන්න එන්න එපා කියලයි.ඒ ඉල්ලීමට ආසියාවට එකඟ වෙන්න ඕනි නෑ කියලත් රනිල් කිව්වා.ආසියාව සහ චීනය අතර තියෙන ඓයිතිහාසික පැවැත්ම විග්‍රහය කරපු රනිල් ආසියාව දෙකඩ කරනවාට විරුද්ධ බව කිව්වා.රනිල් ඉල්ලුවේ ජපානය, චීනය,ඉන්දියාව සහ ආසියාන් සංවිධානය අතර විවෘත සංවාදයක්.ඇත්තටම රනිල් ආසියාව පැත්තේ කෙලින් හිටගෙන තියනවා.රනිල්ගේ ඒ දැක්ම අගය කරන්න ඕනි.ආසියාවේ සංවර්ධනය වගේම ආසියාවේ නිර්මාණය වෙන අර්බුද සියල්ලත් අපට සෘජුව බලපානවා.ලංකාවේ භූ දේශපාලනය කෙලින්ම ආසියාවේ පැවැත්මත් එක්ක ගැට ගැහිලා තියන එකක්.රනිල් ඒ කතාවෙන් අපේ රටේ ඉන්න වම්මුන්ට සහ ඊනියා දේශප්‍රේමින්ට ලොකු පාඩමකුත් කියලා දීලා තියනවා.ඒ ලෝකය සහ ආසියාව දැන් තීරණාත්මක දේශපාලන සන්ධිස්ථානයකට ඇවිත් කියලයි.

මේ සන්ධිස්ථානයේදී අපි ලෝක බලවතුන් එක්ක ගනුදෙනු කරන්න ඕනි විදිහ රනිල් කියලා තියනවා. ලෝක බලවතුන්ට පක්ෂව හරි විපක්ෂව හරි කරන දේශපාලන Project දැන් නවත්තන්න ඕනි කාලය ඇවිත්.අපි දැන් ඉන්දියාව, චීනය,රුසියාව සහ බටහිර එක්ක සම මිතුරු විදේශ ප්‍රතිපත්තියකට යන්න ඕනි.එහෙම නැතිව ඉන්දියාවට හතුරු චීනෙට මිතුරු හරි,චීනෙට මිතුරු ඉන්දියාවට හතුරු හරි සේනාංකය හදන එක අපේ වැඩේ නෙවෙයි.මොකද වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා ආසියාවේ අපි ඔක්කොටෝම එකට එකතු වෙලා බටහිරට මුහුණ දෙන්න වෙනවා.එදාට අපිටත් හරි පැත්තේ හිටගන්න පුළුවන් වෙන්නේ අද අපි පෙන්වන භාවිතාවත් එක්කයි.ඒ වෙනුවෙන් අපි සාෆ් කලාපය සහ සමස්ථ ආසියානු රටවල් එක්ක ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනගා ගන්න ඕනි.

ඊට අමතරව රනිල් කතාවෙන් තවත් දේශපාලන සිග්නල් එකක් දීලා තියනවා.රනිල් කියන්නේ බටහිරට නැඹුරු නායකයෙක්. රනිලුත් දැන් බටහිර න්‍යාය පත්‍රය ඒ විදිහටම බාරගන්න සුදානම් නැති බව පේනවා.ඒක සමහරවිට රනිල්ගේ කැමැත්ත නොවෙන්න පුළුවන්.ඒත් රනිල් තත්වයන්ට ගැලපෙන විදිහට අනුවර්තනය වෙන්න පටන් අරන්.රනිල්ගේ සහ වම්මුන්ගේ,ඊනියා දේශප්‍රේමින්ගේ රටේ රාළ දකින ලොකුම වෙනස ඒක.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan