*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/28

  1. ආර්ථිකය හැකිලීමට රජය ගත් තීරණය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට දරුණු අන්දමින් බලපෑ බව එක්සත් ජාතික ව්‍යාපාර සන්ධානයේ (United National Businesses Alliance) සභාපතිනි ටානියා අබේසුන්දර පවසයි: සියලු රටවල් සංවර්ධනය උදාකර ගනු ලැබුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමෙන් බවත්, සංවර්ධිත ආර්ථිකයන් හිමි ආසියාතික රටවල් (Asian Tigers) මෙන්ම චීනය පවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය කළ බව සිහිපත් කරයි.
  2. 2019 මාර්තු මැද පටන් වසර 04 කට ආසන්න කාලයක් මුළුල්ලේ මෙරට ටයිල් හා සනීපාරක්ෂක උපාංග ව්‍යාපාර වෙත පැනවූ ආනයන සීමාවන් ලිහිල් කිරීම නැවත නැවත ප්‍රමාද වීම මත තම ව්‍යාපාර කඩා වැටීමට ආසන්න බව එම ක්ෂේත්‍රයේ ආනයනකරුවෝ සහ වෙළෙන්දෝ පවසති: මෙම තහනම් මත ආයතන 300කට ආසන්න ප්‍රමාණයක් වැසී යන තත්ත්වයටම පාහේ පත්වූ අතර, එය සෘජු හා වක්‍ර සේවකයන් 100,000 කට අධික පිරිසකට බලපෑ බව ද අනාවරණය කරති.
  3. “ගතවූ කාර්තු කිහිපය තුළ ආර්ථික ස්ථායීකරණ පියවරයන් ඔස්සේ සාර්ථකව ගමන් කිරීමට” රජයේ නීති සම්පාදකයන් කටයුතු කිරීම පිළිබඳව ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර සිය ප්‍රශංසාව පළ කරයි: 2022 වසරේදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම පෙර නොවූ විරූ පරිදි 7.6% කින් කඩා වැටුණු අතර, 2023 වසරේ ද 4.2% කින් තවදුරටත් පහත වැටෙනු ඇති බවට පුරෝකථනය කර ඇති පසුබිමක ඔහු විසින් මෙම ප්‍රකාශය සිදුකර තිබීම ද විශේෂත්වයකි.
  4. සෑම දිනකම බිත්තර මිලියන 01 බැගින් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසයි: මේ වන විට ඉන්දියාවෙන් බිත්තර මිලියන 20ක් ආනයනය කර ඇති අතර, මිලියන 10ක් වෙළඳපොලට නිකුත් කර ඇති බව ද පවසයි.
  5. විදේශ රැකියා ලබා දෙන මුවාවෙන් රැගෙන ගිය ජාවාරමක් හරහා රු. මිලියන 25ක් වංචා කළ බවට චෝදනා ලැබි දකුණු කොරියානු ජාතිකයකු විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ: දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් ජනතාවගෙන් රු. මිලියන 2.5 ක මුදලක් ලබා ගෙන ඇති බවට සැකකරුට චෝදනා එල්ල වී තිබේ: සැකකරු මැයි 29 වන දින තුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
  6. නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ශ්‍රී ලාංකිකයන් එක්සත් රාජධානියට ඇතුල් වීමට තැත් කිරීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවරවලට සහාය වන මෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගෙන් ඉල්ලීමක් කරයි: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව ද සාකච්ඡා කරයි.
  7. එක්සත් ජාතීන්ගේ හිටපු නිරායුධකරණ කටයුතු පිළිබඳ උප ලේකම් (1998-2003) සහ එක්සත් ජනපදයේ සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජයන්ත ධනපාල අභාවප්‍රාප්ත වෙයි: මිය යන විට ඔහු 85 වන වියේ පසුවිය.
  8. බෞද්ධ දර්ශනය සහ සංස්කෘතියට “නිගරු වන අන්දමේ ප්‍රකාශ” සිදු කිරීමේ චෝදනාව මත සජීවී ප්‍රහසන ශිල්පිනී (stand-up comedian) නතාශා එදිරිසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ: ඈ දිවයිනෙන් පිටත් වීමට සූදානම් වන අවස්ථාවක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට පත්ව තිබේ: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව සඳහන්.
  9. 2023 පළමු මාස 04 තුළ ළමා අපයෝජන ආශ්‍රිත සිදුවීම් 3,102 ක් වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි: සාමාන්‍යයක් ලෙස සෑම මසකම මෙවන් සිදුවීම්වලට අදාළ පැමිණිලි 600 කට වැඩි ප්‍රමාණයක් ලැබෙන බව ද පවසයි.
  10. පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පොලී රහිත ණය ලබාදීමේ යෝජනාවක් ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි: එම යෝජනාවට අනුව, උසස් පෙළ සමත් වූව ද රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අවස්ථාව අහිමි වූ සිසුන් සඳහා වාර්ෂිකව ණය 5000 ක් ප්‍රදානය කෙරෙනු ඇත: ණය මුදල රු. 900,000 කි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan