*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ආගම බේරගන්න කුමාරයෙක් එන හීනයක්

පොසොන් එකට නාට්‍යයක් කරන්න කියලා ලොකු කලබැගෑනියක්. දෙබස් කියන්න අමාරු නිසා පොඩි එකා කියලා “මං මුවාට ඉන්නම්” කියලා.

එහෙම මුවා වෙලා බැහැ. තරුණයො පෙරට එන්න ඕනි, ආගම බේරගන්න කියලා ලොකු හාමුදුරුවො කොල්ලට බරපතල දේශනයක් තියලා. අපිට පොඩි එකා වුණාට උට දැන් 18 මාසෙනෙ.

ඒ අස්සෙ නත්තලට පිණි මුවා ඉන්න නිසා අපිට අපේ ආගමේ අනන්‍යතාවය තියා ගන්න වෙනම ජාතික කතාවක් කරමු කියලා උපාසක අම්මෙක් කියලා.

ඒකත් ඇත්ත. අපි මුව ඇඳුම හැදුවම පල්ලියේ ස්වාමි හෙම ඉල්ලුවොත් නොදී බැහැනෙ.
අම්මයි තාත්තයි ආගම් දෙකක ඉන්න පොඩි එකෙක් කියලා.

එතකොට තමයි ඩෝන් පුස්සාද් මේ සිංහල අපගෙ රටයි කියාගෙන එතැනට පාත් වෙලා තියෙන්නෙ.

අපි ස්වාමිට කියමු පිණි මුවාට පැල්ලන් තියන්න එපා කියලා. එතකොට අපේ එකා පැටලිලා මිනිස්සු පල්ලිය ගාව දි සාදු කියන්න පටන් ගනියි.

එතකොටනම් හාමුදුරුවො කියලා තියෙනවා දැන් ඔය මහත්තයා ආගමට තියලා තියෙන පැල්ලම් ටික ඇති. මේක අපි කර ගන්නම් කියලා.

ඒත් ඉතිං උපාසක අම්මලා හාමුදුරුවන්ගෙ පැත්තෙ නෙමෙයිලු, ඩෝන්ගෙ පැත්තෙලු
ලබන සතියෙ පුහුණුවීම් පටන් ගන්න ඉස්සෙල්ලා මේ මොහොතෙ බුදු දහමට මිත්‍යාවෙන් එල්ලවන තර්ජන ගැන හොයලා සටහනකුත් හදාගෙන එන්න කියලා. අම්මගෙන් බේරිලා ඉන්න බැරිකමට දහම් පාසලට කියලා, හරියටම අට හමාරට විතර පන්සලට කඩා පාත් වෙන කොල්ලා මේ වැඩෙන් බේරා ගැනීමේ වගකීම මට පැවරුවා.

ඕන් ඔය අස්සෙ තමයි මට හම්බ වුණේ අම්මෙක් බීලා ඉද්දි පුංචි එකියකට අතවර කරපු හාමුදුරුවො කෙනෙක් ගැන.මං ඉතිං තරුණ ජවයයි දැණුමයි එකට එකතු කරලා මේ වගෙ උන් ශාසනයෙ තියාගන්න හොඳ නැහැ කියලා ව්‍යාපෘතියක් හදාගෙන වැඩ කරන්න සැළසුම් ගණනාවක් ඉදිරිපත් කෙරෙව්වා.

කොල්ලා ඕක උගේ වගෙ උස්සන් ගිහිං.හාමුදුරුවන්ට ව්‍යාපෘතිය ඉදිරිපත් කරාම තමයි වැඩේ නැගලා ගිහිං තියෙන්නෙ.

යකෝ චීවරේට ගරු කරන්න ඉගෙන ගනිං

ඩෝන් තමයි ඉස්සෙල්ලම පැනලා කොල්ලගෙ කණ අතගාලා තියෙන්නෙ.

මේක ආරංචි වුණාමනම් ඔන්න බිරින්දෑට නාලාගිරිට රා පෙව්වා වගේ වුණා.

හාමුදුරුවනේ මොකද්ද මේ තේරුම. සන්නාසියොද දැන් බුද්ධාගම බේරගන්න හදන්නෙ.

ලොකු හාමුදුරුවන්ගෙ ඇගටම කඩා පැනලා ගිහිං.

අනේ නැහැ නෝනෙ.දැන් ඔක්කොම සන්නාසියන්ගෙ ආගමේ වෙලා,අපි කීප දෙනෙක්ට ඉතිං ප්‍රාතිහාර්යය පාන්න බැහැනෙ බුදු හාමුදුරුවන්ට වගෙ.මමත් මේ කල්පනා කර කර ඉන්නෙ මුංගෙන් බුද්ධාගම බේරගන්නෙ කොහොමද කියලා.මුංගෙන් ආවාස ගේ හදන්න ගෙනාපු ගඩොල් ටික බේර ගන්නත් බැහැ නෝනෙ.පේනවනෙ අර ලොරියකට පටවනවා.

හාමුදුරුවො පෙන්නුවම තමයි බිරින්දැත් දැකලා තියෙන්නෙ ගරා වැටුණු ආවාස ගේ පිළිසකර කරන්න ගෙනාපු ගඩොල් ටික උපාසක අම්මලා සාදු සාදු කිය කිය ලොරියකට පටවනවා.

මේ මොකද හාමුදුරුවනේ වෙන්නෙ?

හාමුදුරුවො උත්තරයක් දෙනවා වෙනුවට නිශ්ශබ්ද බලා හිටියලු.දෙවන පාරට ඇහැව්වම කිව්වලු අර අපේ ගලෙන්ගොඩ යන උන්නාසෙගෙ කීමට කෙල්ලෙක්ට ගහන්න ගඩොල් අරං යනවා. එක සැරේ අරං යන්න පහසු නිසා ඩෝන්ලගේ ගෙදරටම බාලා තියා ගන්නනෙ ඔය අරගෙන යන්නෙ කියලා.

ඔන්න එතකොට තමයි බිරින්දෑට වැඩේ මතක් වෙලා තියෙන්නෙ.

හාමුදුරුවනේ ඉතිං ඒ කෙල්ල කියන්නෙ ශුද්ධෝදනගේ පුතා ගැන මිසක්,ගෞතම බුදු හාමුදුරුවො ගැන නෙමෙයිනෙ නේද?

හ්ම්

හාමුදුරුවො හ්ම් එකත් එක්කම සිවුරත් කරකවල අරගෙන කැඩිච්ච ආවාස ගෙට ඇවිත් දොර වහගත්තලු. බිරින්දැගේ ඒ කතා ටික අහලා ඔවව තියා ගත්තේ මේ වෙන්න යන්න දේවග් ගැන හිතාගන්නවත් බැරුවයි එතකොටම අම්පිටියෙ සමන ආවෙ.

මොකද උපාසක මහත්තයෝ නිදාගෙන.දැක්කෙ නැද්ද මගෙ වීඩියෝ එක. මේ හැතිකරේ අපේ ආගම කනවා මහත්තයො. දැක්කනෙ ගෑණු ඇඳුම්වලට බෝකොළේ දාලා රෙදි හදනවා හැතිකරේ.

ඒ කතාව ඉවර වෙන්න වුණේ නැහැ වැඩේ තවත් ජෑම් කරු පාට්ටරයා ගැන බලන්නෙ නැද්ද සීයා තාත්තෙ කියලා මෙන්න ලොකු කෙලීගේ පුංචි එකා එනවා කිරි බෝතලෙත් කටේ ගහගෙන.

මට මොන්ටසෝලියේ ටීචර් කිව්වෙ.ආගමට වැඩේ දෙන්නලු පාට්ටරයා හදන්නෙ.
එතකොට ජැකා කිහිලි කරුවෙන් ජැක් එකක් ගහගෙන ශරීරෙ වත්තන් කරගෙන එනවා. මට මතක වුණේ ඊඑම්ඩී ගෙ මෙතනින් මාරුවෙනු.ජැකාට අමාඑුයි කියලා හිතාගෙන මං ම ඒකෙ කිහිලි කරුවත් පාවිච්චි කරලා කියන සිංදුවෙ ආසම කෑල්ල කෑ ගහලා කිව්වා.

අති උත්තම රාජකීය වැලන්ටයින් උතුමාණෙනි,මං උඹේ සුවච කීකරු බලු කුක්කා….
කියලා ඉවර වෙන්න ඉස්සර ජැකා කෑ ගහලා මාව නැවත්තුවා.මේ බුදුන්ට වෙන අපහාසෙ නවත්තන්න රට ජාතිය බේරගන්න එක අවස්ථාවයි තියෙන්නෙ. බුදු හාමුදුරුවන්ට නෑකමක් තියෙන පරම්පරාවක කුමාරයෙක් ගේන එක.

කතාව කියලා ඉවර වෙනවත් එක්කම මගේ ඇලපතට වැදුණ පහරින් මං උඩ ගිහිං බිම වැටුණා. මං හිතුවෙම ත්‍රස්තවාදියො බෝම්බයක් හෝටලේක බෝම්බයක් පිපිරෙව්වා කියලා. ඒත බලන කොට බිරින්දෑ මං දිහා බලාගෙන ළඟම.එතකොට මට දෙකක් තේරුම් ගියා. එකක් මං නින්දෙන් දැකපු හීනයක් කියන එක.තවම රට ජාතිය බේරගන්න උච්චම අවස්ථාවට ඇවිත් නැති නිසා බෝම්බයක් පුපුරන්න ඉඩක් නැති බව.

අර කෙල්ල ඇරෙස්ට් කරලලු අයිඅර්සී පනත යටතෙ.කොමඩි හිටගන්වන කෙනා.
මරු පණත.අම්මපා අපේ ගෑණිට වැරදෙන හරියන තැන් හොයාගන්න බැරි නිසා මං නිහඬ වුණා.ඕවා දිගටම විග්‍රහ කරන්න ගියොත් පණත මාව හරි ගෑණි හරි කුදලන් යන්න ඉඩ තියෙනවා.

ද ක්ලීනර්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan