අපේ පාලනයක් යටතේ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සාධාරණ විශේෂිත පොලියක් ගෙවනවා – සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මේ වසර අවසන් වීමට පෙර, සමගි ජන බලවේගයේ පාලනයක් යටතේ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සාධාරණ විශේෂිත පොලියක් ලබාදීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

2022 ඔක්තෝබර් 01 වනදා තෙක්ම මෙරට ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා 15% ක පමණ විශේෂිත පොලියක් ලැබුණු නමුත් මේ වනවිට එය හරි අඩක් දක්වා අඩුවී ඇති බවත් සිය තැන්පතුවල පොලියෙන් ජීවත් වුණු විශ්‍රාමිකයින් මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

“අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජ්‍යේෂ්ඨ පුරවැසියන් ඉන්නවා. 2022- 10 – 01 වෙනිදා වෙනකල් මේ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට තමන්ගේ ඉතිරිකිරීම්වලට සාධාරණ ඉතිරිකිරීමේ පොලියක් ලැබුණා. 15% ක් විතර. අද ඒක හරි අඩකින් අඩුවෙලා. ඒ මොකද අර ඉතිරි ප්‍රමාණයට රජය ප්‍රතිපූර්ණ කිරීමේ ක්‍රියාවලිය නතර කරලා තිබෙනවා. මෙච්චර ඔය කියන තරම් ආර්ථිකය නැවත ගොඩනැගිලා තිබෙනවා නම්, ඇයි අර 15% ඉතිරි කිරීමේ පොලිය නැවත ක්‍රියාත්මක කරන්නට බැරි ? හොඳට මතක තබාගන්න, අපි කෙළෙහිගුණ දන්න සමාජයක් වෙන්නට ඕනෙ. මම වගකීමෙන් කියනවා, මේ වසර අවසන් වන්නට පෙර අපේ පාලනයක් යටතේ ඒ විශේෂිත 15% ඉතිරි කිරීමේ පොලිය අපි ලබාදෙන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ “සක්වල” වැඩසටහනේ 206 වැනි අදියර යටතේ ගම්පහ, හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට ඊයේ (28) එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...