මැතිවරණ කල්දැමීමක් ගැන එජාපය ඇතුළේ කතා වුණාද ? – එජාප මහලේකම්ගේ කතාවට නවීන්ගෙන් උත්තර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇති පරිදි මැතිවරණ කල්දැමීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම පිළිබඳව පක්ෂය අභ්‍යන්තරයේ කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසයි.

“මම හිතන්නෙ නෑ ව්‍යවස්ථාව අනුව මැතිවරණ කල්දාන්න පුළුවන් කියලා. ඉතින් ඉස්සෙල්ලාම එන්නෙ ජනාධිපතිවරණය. ඒක තමයි පක්ෂය ඇතුළෙත් අභ්‍යන්තරයේ ගොඩක් කතා කරලා තියෙන්නෙ. ඉතින් මම හිතනවා ඒක තමයි ඉස්සෙල්ලාම එන්නෙ කියලා. ජනමත විචාරණයක් මම හිතන්නෙ නෑ සුදුසුයි කියලා. මොකද ඉස්සෙල්ලාත් ඔය 82 කළගෙඩි – ලාම්පු සෙල්ලම කියලා කියනවානෙ මිනිස්සු … මැතිවරණය කල්දාන එක හොඳ නෑ, ඒක පක්ෂයටත් හොඳ නෑ. මේක අපේ පක්ෂය ඇතුළෙ කතා කළේ නෑ කිසිසේත්ම. අභ්‍යන්තර සාකච්ඡාවක් තිබ්බෙ නෑ මේ ගැන. ඉතින් අපි නම් ලෑස්ති වෙන්නෙ ජනාධිපතිවරණයකට”

නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (28) රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...