බැංකුවක් කොල්ල කෑ දෙදෙනෙකු අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 29, කොළඹ (LNW): බැංකුවක් බිඳ රන් භාණ්ඩ හා මුදල් සොරා ගැනීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වේ. ජාඇල ප්‍රදේශයට අදාළ බැංකුවක් බව වාර්තා වේ.

මෙම බැංකුව බිඳ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුතු රන් භාණ්ඩ හා මුදල් සොරාගෙන ගොස් තිබුණේ පසුගිය 25 වනදායි.

මෙහි ප්‍රධාන සැකකරු කොල්ලුපිටිය ප්‍රදේශයේදී පසුගිය 26 වනදා අත්අඩංගුවට ගෙන තිබුණ අතර , සොරකම් කළ රන් වළලු 49 ක්, මුදු 81 ක් , අත්පලදනා 24 ක්, රන් දම්වැල් 79 ක්, පෙන්ඩන්ට් 26 ක් , කරමාල 09 ක් ඇතුළු උපකරණ සොයා ගැනුණේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී බව වාර්තා වේ.

ඔහුගෙන් තවදුරටත් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී හෙලි වූ තොරතුරු මත තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන බවද පැවසේ.

පොලීසිය පවසන්නේ , ඔවුන් පානදුර හා බොරලැස්ගමුව  ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...