(VIDEO):NPP ය ප්‍රතිපත්තියක් නැති බව පෙන්නුවා – විවාදය ගැන NPP තීන්දුවට සමඟියේ තිස්සගෙන් ප්‍රතිචාර!

Date:

කොළඹ LNW:විවාදය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය දරන ස්ථාවරය අනුව ඔවුන් වේදිකාවල පුරසාරම් කියෙව්වද ඔවුන්ට ප්‍රතිපත්තියක් නොමැති බවට දැන් තහවුරු වී තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ජාතික ජන බලවේගයට විවාදය සඳහා ආරාධනා කළේ ඔවුන් වේදිකාවල පවසන විවිධ කතා නිරීක්ෂණය කිරීමෙන් පසුව බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

විවාද දෙක සඳහාම සමඟි ජන බලවේගය දින දී ඇති පසුබිමක ජාතික ජන බලවේගය ඉන් පැන යන්නේ ඇයිද යන්න තමන් විමසා සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව ජාතික ජන බලවේගයේ හැසිරීමෙන් ඔවුන්ට වැඩපිළිවෙලක් හෝ ප්‍රතිපත්තියක් නොමැති බව පැහැදිලි වන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...