නදීකා අද හෙල්ලයෙන් ඔලිම්පික් එල්ලය ගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 29, කොළඹ (LNW): චීනයේ පැවත්වෙන The Second Belt and Road Invitational Athletics Meeting &2024 National Athletics Grand Prix (5th) මලල ක්‍රීඩා උළෙල අද නිමා වන්නට නියමිතයි.අද පස්වරුවේ දී ශ්‍රී ලංකාවේ ඔලිම්පික් නියෝජන බලාපොරොත්තුවක් වන නදීශා දිල්හානි ලේකම්ගේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වට පෙනී සිටින්න නියමිතයි.


මේ වන විටත් 2024 පැරිස් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ ලේඛණයේ 20 වන තැන සිටින නදීකා ට අද සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය වන මීටර් 61.57 අලුත් කර මීටර් 62 සීමාව පසු කර ඉදිරියට යාමට සමත් වුවහොත් ඇයට මුල් 24 දෙනා පසුකර යන්නට මේ තරගයේදීම හැකියාව තිබෙනවා.

දිගු කාලයකට පසුව තරගයකට සහභාගි වන නදීශා ආසියානු රිදී පදක්කම දිනා ගැනීමෙන් පසුව ජාත්‍යන්තර තරග පිටියේ නිරන්තරයෙන් තරග වැදිය හැකි මට්ටමක සිටියානම් මේ වන විට ඇයගේ දක්ෂතාවය මීට වඩා ඉදිරියට ගොස් තිබෙන්නට තිබුණා.එහෙත් නදීශා ඉතා අසීරු කඩඉම් පසු කිරීමේ කායික සහ මානසික ස්ථාවරයකින් පසුවන ක්‍රීඩිකාවක් බැවින් මේ තරගයේදී ඇය ඉහළ දස්කම් දක්වමින් සෘජු ඔලිම්පික් සුදුසුකම් දක්වා යන්නට ද ඉඩ තිබෙනවා.


අද නදීකාගේ දස්කම් වලින් ඔපවත් වෙන කාන්තා හෙල්ල වීසි කිරීමේ තරගය පස්වරු 4.10 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...