නදීකා අද හෙල්ලයෙන් ඔලිම්පික් එල්ලය ගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 29, කොළඹ (LNW): චීනයේ පැවත්වෙන The Second Belt and Road Invitational Athletics Meeting &2024 National Athletics Grand Prix (5th) මලල ක්‍රීඩා උළෙල අද නිමා වන්නට නියමිතයි.අද පස්වරුවේ දී ශ්‍රී ලංකාවේ ඔලිම්පික් නියෝජන බලාපොරොත්තුවක් වන නදීශා දිල්හානි ලේකම්ගේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වට පෙනී සිටින්න නියමිතයි.


මේ වන විටත් 2024 පැරිස් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ ලේඛණයේ 20 වන තැන සිටින නදීකා ට අද සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය වන මීටර් 61.57 අලුත් කර මීටර් 62 සීමාව පසු කර ඉදිරියට යාමට සමත් වුවහොත් ඇයට මුල් 24 දෙනා පසුකර යන්නට මේ තරගයේදීම හැකියාව තිබෙනවා.

දිගු කාලයකට පසුව තරගයකට සහභාගි වන නදීශා ආසියානු රිදී පදක්කම දිනා ගැනීමෙන් පසුව ජාත්‍යන්තර තරග පිටියේ නිරන්තරයෙන් තරග වැදිය හැකි මට්ටමක සිටියානම් මේ වන විට ඇයගේ දක්ෂතාවය මීට වඩා ඉදිරියට ගොස් තිබෙන්නට තිබුණා.එහෙත් නදීශා ඉතා අසීරු කඩඉම් පසු කිරීමේ කායික සහ මානසික ස්ථාවරයකින් පසුවන ක්‍රීඩිකාවක් බැවින් මේ තරගයේදී ඇය ඉහළ දස්කම් දක්වමින් සෘජු ඔලිම්පික් සුදුසුකම් දක්වා යන්නට ද ඉඩ තිබෙනවා.


අද නදීකාගේ දස්කම් වලින් ඔපවත් වෙන කාන්තා හෙල්ල වීසි කිරීමේ තරගය පස්වරු 4.10 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...