(PHOTOS): නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වනසන ප්‍රතිපත්ති ප්‍රෝඩාව හකුළා ගනු – කොටුවේ විරෝධයක්!

Date:

කොළඹ LNW:නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති” ප්‍රෝඩාව හකුළා ගනු යන මැයෙන් අද (29) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් වනසන කොතලාවල ඇතුළු වෙද උපාධි කඩ ජාවාරම වහා හකුළා ගන්නා ලෙසයි එහිදී විශේෂයෙන් අවධාරණය කෙරුණේ.

විදුලිය -රක්ෂණ – ටෙලිකොම් ඇතුලු ජාතික සම්පත් විකිණීමද වහා නවතන ලෙසද එහිදී රජයට බල කරන ලදී.

මේ අතර OSA- ATA-PTA ඇතුළු මර්දනීය පනත් වෙතද විරෝධය එල්ල විය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ඒකාබද්ධ විරෝධතාවක් ලෙසයි එය සංවිධානය කර තිබුණේ.

එම විරෝධතාවට පොලීසියේ හෝ වෙනත් කණ්ඩායම්වල බාධාවක් එල්ල නොවුණි.

ජයාරුප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...