(PHOTOS): නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වනසන ප්‍රතිපත්ති ප්‍රෝඩාව හකුළා ගනු – කොටුවේ විරෝධයක්!

Date:

කොළඹ LNW:නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති” ප්‍රෝඩාව හකුළා ගනු යන මැයෙන් අද (29) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් වනසන කොතලාවල ඇතුළු වෙද උපාධි කඩ ජාවාරම වහා හකුළා ගන්නා ලෙසයි එහිදී විශේෂයෙන් අවධාරණය කෙරුණේ.

විදුලිය -රක්ෂණ – ටෙලිකොම් ඇතුලු ජාතික සම්පත් විකිණීමද වහා නවතන ලෙසද එහිදී රජයට බල කරන ලදී.

මේ අතර OSA- ATA-PTA ඇතුළු මර්දනීය පනත් වෙතද විරෝධය එල්ල විය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ඒකාබද්ධ විරෝධතාවක් ලෙසයි එය සංවිධානය කර තිබුණේ.

එම විරෝධතාවට පොලීසියේ හෝ වෙනත් කණ්ඩායම්වල බාධාවක් එල්ල නොවුණි.

ජයාරුප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...