*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම කැමති වුවත්, ජනාධිපතිවරණය කල්දාන්න බෑ – ජී එල්

සටහන – රෂිකා හෙන්නායක

මැයි 29, කොළඹ (LNW):

ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව , ජනාධිපතිවරණය කල්දැමීමටත්, ජනමතවිචාරණයකට යාමට සූදානමක් ඇති බවත් පාලිත රංගෙ බණ්ඩාර මහතා කළ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් හෙළා දකින බව අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මහතා කියා සිටියේය .

මහජනතාවගේ ඡන්ද අයිතිය මංකොල්ලකෑමට කිසිවෙකුට ඉඩ නොතබන බවත්,පාලිත රංග බණ්ඩාරගේ ප්‍රකාශයට එරෙහිව පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා එකට එක් වූ බවත් පැවසීය.

මැතිවරණ වලට ඇති භීතිකාව නිසා ආණ්ඩුව නොයෙකුත් උපක්‍රම යොදමින් සිටින බවත්,මහජන පරමාධිපත්‍යය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සෘජුව ආරක්ෂා කර ඇති බවත්,එය විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් ඒ මහතා පැවසුවේය .

මෙම මැතිවරණය කල්දැමීමට උත්සාහ කළහොත්, එයට විරුද්ධව මහජනතාව පෙළගස්වා,අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් පසුබට නොවන බවත්,සදහන් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan