ජන්ද කාලෙට Blue Economy ගැන කතා කළත් මත්ස්‍ය සම්පතින්වත් ස්වයංපෝෂිත නැහැ – විපක්ෂ නායක

Date:

කොළඹ LNW:මෑත කාලයේ අප රට වචන කිහිපයකින් විග්‍රහ කරන්න උත්සාහ කළහොත් වඩාත්ම සුදුසු ක්‍රමය වන්නේ රටක් ලෙස අවස්ථාවන් රාශියක් අහිමි කර ගත් රටක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අප රටේ කරදිය හා මිරිදිය යන ධීවර කර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන්නේ 1.2%ක් වැනි දායකත්වයක් බවත් රට වටේම මුහුදක් සහිත ජාත්‍යන්තර මුහුදු නීතියට අනුව වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක් එනම් කි.මි. 370ක් අප රටට අයිති බවත් එය වර්ග කි.මි. පන්ලක්ෂ දසදහසක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

ඡන්ද කාලයක් එන විට ලස්සන වචන කියමින් Blue Economy, නීල ආර්ථිකය ගැන කියමින් සිටියත් මේ මුහුදු සම්පත තිරසරව උපයෝගී කර ගෙන අප රටේ ආර්ථික වර්ධනය ඉහළ දැමීමට නොහැකි වී ඇති බව හෙතෙම කියාසිටියි.

රට වටේම මුහුද තිබියදීත් ඉන් ප්‍රයෝජන ලබා ගැනීමට නොහැකි වීම ගැන ලැජ්ඡා විය යුතු බවත් අප තවමත් මත්ස්‍ය ආහාර අවශ්‍යතාවෙන් සුරක්ෂිත වී නොමැති බවත් අදටත් විවිධ මාළු වර්ග ආනයනය කරනා බවත් විපක්ෂ නායකයා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (29) ගම්පහ මීගමුව කැපුම්ගොඩ ශාන්ත අන්තෝනි කණිෂ්ඨ ද්විතීයික විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 208 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා වන පහසුකම් ලබා ගැනීමට පාසලේ සංවර්ධන කටයුතු සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...

දේශීය නිෂ්පාදකයින් රැකගන්න පාර්සල් රේගු බදු වෙනස් කළා. වැඩේ ගාණට යනවා – ඇමති චතුරංග

ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයින්ට දැවැන්ත තර්ජනයක් වී පැවති තනි...

Starlink : රනිල් මස්ක්ට ස්තූති කරයි. ඉක්මනින් නැවත හමුවීමටත් බලාපොරොත්තුවෙන්

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සඳහා ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය ලබාදීම...