*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඇමෙරිකාවේ දී එළිදුටු ගමේකම හා පාසැල් මිත්‍රකම කෙතරම් බලවත් දැයි ඔබට දැනේවි !!!

(Ashoka Jayatunga from Washington DC)

හේමනාත් ද සිල්වා යනු මා සමග ගාල්ල මහින්දයේ සිටි මිතුරෙකි. ඔහු පාසල නිමකල විගස පවුලේ ශක්තිමත් පසුබිම තුළ ඇමෙරිකාවට ආවේ මීට දශක 04 කට පමණ පෙරය. ඇමෙරිකන් ශිෂ්‍යයන් දෙදෙනෙකු මහින්දයේ ඉගෙනුමට ආවේ 70 දශකයේ මැද කාලයේය. ඔවුන් දෙදෙනා නවතා ගත්තේ හේමනාත්ලා ගේ ගෙදරය. ඔවුන්ද ඔහුට ඇමෙරිකාවට එන්නට පුfල් සපෝට් කල බව මා දන්නේය.

එහෙත් මම වොෂින්ටන් ආවේ මීට වසරකට කලිනි. මා පැමිණ සතියකින් ඔහු තානාපති කාර්යාලයට කතාකොට මා සම්බන්ධ කරගෙන මගේ දුරකතන අංක ගෙන නිතර මා හා සම්බන්ධ විය.

“උඔ වොෂින්ටන් එනව කියල මෙහේ මහින්දෙ එවුන් මට කිව්වා. මම යූ ටියුබ් එකෙනුත් විස්තර දැක්කා” ඔහු ⁣කීවේය.ඒ පාසල් මිත්‍රකම් හා ගමේකම් අන් සියල්ලට වඩා බලවක් බව පසක් කරමිනි.

ඇමෙරිකාවට මේ සති අන්තය දීර්ඝ එකකි. සති අග දින දෙක මෙන්ම ඇමෙරිකාව වෙනුවෙන් යුද වැද මියගිය අය ට ගෞරව කරන “Memoriaal day” ද ඊට අයත්ය.

“මචං මේ දීර්ඝ සති අන්තය අපි අපේ කරගනිමු. ගාල්ලේ හා Mahinda College එකේ අපේ මතක අලුත් කරගනිමු” හේමනාත් යෝජනා කළේය.

ඔහු නිවස තනා ඇත්තේ ඇමෙරිකාවේ නියම තැනකය. ඇමෙරිකාවේ අගනගරය හා ලොවම පාළනය කරන නගරය තීන්දු ගන්නා තැන ලෙස සැලකෙන වොෂින්ටනයේ සිට එම නිවසට වාහන ඩ්‍රයිව් එක විනාඩි 45 තරම් ලඟය. ඒ වර්ජිනියා ස්ටේට් හි බ්‍රිස්ටෝව් ය. වොෂින්ටන් ජාත්‍යන්තර ගුවන් තොට “ඩලස්” අත ලගය.

මම හිතුවේ වෛර්ණ ඇමෙරිකානු ආතල් එකක් හේමනාත් මට දේවිය කියාය නයිට් ක්ලබ් බැහැලා කාලා බීලා හැඩ ගෑණු සමග නටලා….බ්ලා බ්ලා බ්ලා වේවි යයි කියාය.

“ලෝකෙ පුදුම හතට අයිති නැතත් බව ඇමෙරිකානුවන් හිතන පුදුම තැනකට මම උඔ ගෙනියනවා. අපි ලෝරේ කැවන්ස් යමු” වොෂින්ටනයේ සිට පැය 02 කට වැඩි ගමනකින් එරට අතිශය සුන්දර කැලෑ, පාර මාරුවන වන සිව්පාවුන්ට ඉඩ දෙමින් කුරුළු ගී අසමින් ද පරිසර හිතකාමීයෙක් වන හේමනාත් මා ලෝරේ ගල් ගුහාවට ගෙනාවේය.

එහි වාහන 5600 ක් ඒ වනවිට තිබෙන බව හා මිනිසුන් 18,000 කට වඩා එම ස්ථානයේ සිටින බවත් නිළ ලෙස වාර්තා විය..

එම ගුහාව ඇමෙරිකාව සංචාරක කර්මාන්තය හරහා උපරිම ලෙස ප්‍රමෝට් කල තැනකි. සීගිරිය ලංකාවට ප්‍රමෝට් කරගන්න බැරිවීම ගැන අපි කතාබහ කලා පමණක් නොව කනගාටුවීමු.

එම ස්වාභාවික ගල් ගුහාවට ඇතුල්වීමට එක් අයෙකුගෙන් ඩොලර් 34 ක් (රු11,000 ක්) හා ලමයෙකුට ඉන් අඩක් අයකෙරේ. එදිනට පමණක් ලැබූ ආදායම ඝණනය කිරීම ඔබට.බාරය. එය ස්වභාව ධර්මය තැනූ මා දුටු අපූර්වකම නිර්මාණ වලින් ප්‍රමුඛතම එකකි.

පරිසර හිතකාමියෙකු වන හේමනාත් මා පුදුම කරවූ තැනකට රැගෙන ගියා පමණක් නොව ඔළුවට හා මනසට දුන් අසාමාන්‍ය සනීපය දැන් මගේ ගතටද දෙන්නට ඔහු සූදානම්ය.

“මචං දැන් අපි හෙණ ආතල් එකක් ගනිමු. සබ්ජෙක්ට් හැර ඔින දෙයක් කරමු” ඔහු කීවේය. ඇමෙරිකාවේ ප්‍රබලතම සුපර් මාකට් චේන් කිහිපයකට ගොස් මගෙන් විමසමින් නොයෙක් දේ ඔහු මිලට ගත්තේය.

“මම අඩියක් ගහන කොට හීනියට සිගරැට් එකකුත් ගහනවා” මම කීවේය.

“ආ මේ වර්ජිනියා නේ. ඇමෙරිකාවේ සිගරැට් පැකට් එකක් ඩො 15 ක් නම් මෙහේ ඉන් බාගයයි. ඒත් මේ සුපර්මාකට් එකේ තියෙන උඔට ආස ඔිනම දෙයක් පෙන්නපං. මම ගන්නවා. සිගරැට් වලට නම් එක ඩොලරයක් මම වියදම් කරන්නෙ නෑ” හේමනාත් කීවේය.

ආතල් එක සම්පූර්ණවීමට සිගරැට් එකකුත් ඔිනෑය යන මගේ දුර්වල මනස අනුව වොෂින්ටන් DC වල ඩොලර් 14 ක් වන ලොව ඉහළම ඝණයේ පැකට් එකක් වර්ජිනියා වලදී ඉන් බාගයක් ගෙවා මම මගේ සල්ලි වලින් ගත්තේය.වර්ජිනියා යනු ලොව හොදම දුම්කොළ වැවෙන දුම්බීමේ කර්මාන්තය ලොව ඉහළින්ම නිෂ්පාදනය කෙ⁣රෙන තැන බව කව්රුත් දනිති.

සිගරැට් මිලදී ගනු දුටු හේමනාත් මට නියම කොන්දේසියක් දැම්මේය.

“ගේ ඇතුලෙ බෑ උඔ සිගරැට් පෙට්ටියම ගෙදරින් එළියට බැහැල බීපං” ඔහු කීවේය.

ඔහුගේ ඉතා සුඛෝපභොගී තට්ටු 03ක නිවසට ගිය අපි ගාල්ල ගැනත් මහින්දය ගැනත් නොයෙක් දේ පැය ගණනක් කතා කළා මට මතකය. රෑ කෑම සිලෙක් කළේ මමය. ඒ තායි කෑමය.එය ගෙන එන්නට ඔහු සමග ගිය මම එම රෙස්ටොරට් එකේ තායි කෙල්ලන් දැක පුදුම වුණෙමි.

“තායි වලත් ඉන්න හැඩම කෙල්ලො ගේ⁣න්නෙ ඇමෙරිකාවට බව මම අහල තියෙනවා” අපේ මිත්‍රයා කීවේය. ඇමෙරිකාවේ රාත්‍රී ජීවිතය ද අපි පැයක් පමණ නැරඔුවෙමු. හැබැයි ඊට සහභාගී නොවූයෙමු. එක අතකට ඇමෙරිකාවට පරක්කු වෙලා ගිහිනුත් වැඩක් නැතය. එතනදී කතාබහ කල අයගේ විවෘත අදහස් හා සජීවීව ඇමෙරිකාවේ වසරක් පුරා දකින දේ තුළ හිතෙන්නේ එහෙමය…

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan