දයාසිරි සහ ගම්මන්පිල කියන කන්ටේනර් 323 ගැන පරීක්ෂණයක් ඉල්ලා CID වෙත පැමිණිල්ලක්!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් චෝදනා කරන රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇති කන්ටේනර් 323 පිළිබඳ විමර්ශනයක් ඉල්ලා අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම කන්ටේනර් නිදහස් වීමෙන් පසු රටේ අපරාධ වැඩි වී ඇති බවට ඔවුන් පවසන්නේ ඔවුන් කුමන හෝ කරුණු ඒ පිළිබඳ දන්නා විය හැකි බවත් ඔවුන් කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අදාළ ආයතන වෙත පැමිණිල්ලක් හෝ කර නොමැති නිසා ඔවුන් පවසන දේ සත්‍යද කියා තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව පවතින බවයි උක්ත පැමිණිල්ල ඉදිරිපත් කළ නීතිඥ නලින් සම්පත් කුමාර මහතා පැවසුවේ.

ඒ අනුව දයාසිරි ජයසේකර සහ උදය ගම්මන්පිල යන අයගෙන් අදාළ තොරතුරු ගෙන සාධාරණ නිදහස් පරීක්ෂණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවයි මහතා සඳහන් කළේ.

උක්ත සිදුවීම ගැන සත්‍ය දැන ගැනීමේ අයිතියක් පුරවැසියන්ට ඇති බවද ඔහු පවසයි.

මෙවැනි චෝදනා රටේ ආර්ථික, දේශපාලන වශයෙන් පවා ගැටළු සහගත ලෙස බලපාන හෙයින් එවැනි තත්ත්වයන් ගැන විධිමත් පරීක්ෂණයක් සිදුවිය යුතු බවද ඔහු අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...