ලබන වසර මුලදී හදිසි මහ මැතිවරණයක් ?

Date:

2023 වසරේ මුල් කාර්තුව තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. බොහෝදුරට මහ මැතිවරණය මාර්තු මාසයේදී පැවැත්වෙනු ඇත.

ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවන අතර එම බලය හිමි වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම සඳහා ජනතාවට බලය ලබාදිය යුතු බවට පාර්ශ්ව රැසක් කරුණු ඉදිරිපත් කරමින් සිටින අතර කෙසේ නමුත් වත්මන් පාර්ලිමේන්තුව රැස් වී වසර දෙක හමාරක් සම්පූර්ණ වනතෙක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමි නොවේ.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආණ්ඩු බලය අත්පත් කර ගැනීමටද සූදානම් වන අතර බොහෝදුරට මෙම වසර අවසන්වීමට පෙර වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලයෙන් පහකර පොදුජන පෙරමුණේ තනි ආණ්ඩුවක් නිර්මාණයවීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...