21 ලප් තැනම ලොප් ! පුද්ගලයන් ඉලක්ක කරන ව්‍යවස්ථා සංශෝධනවලට පොහොට්ටුවේ බහුතරයක් විරුද්ධයි !

Date:

පුද්ගලයන් ඉලක්ක කර රැගෙන එන ව්‍යවස්ථා සංශෝධන සඳහා සහාය නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර තිබෙනවා. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 80 කට වැඩි පිරිසක් මෙම තීරණය සමග සිටින බවයි වාර්තා වන්නේ.

යෝජිත 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් දින කිහිපයක් පුරා පැවති සාකච්ඡාවලින් පසුව මෙම තීරණයට එළඹ තිබේ.

21 වැනි සංශෝධනය හරහා ජනාධිපති බලතල කප්පාදු කිරීමට අමතරව ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් පාර්ලිමේන්තුවට තේරී පත් වීම වැළැක්වීමට යෝජනා කර තිබෙනවා. මෙය බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් ගෙනඑන යෝජනාවක් බවයි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය වී තිබෙන්නේ.

ඒ අනුව එවැනි සංශෝධනයක් සඳහා සහාය නොදක්වන බව අදාල මන්ත්‍රීවරුන් පවසනවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කළේ ජනතාව මුහුණ දී සිටින ආර්ථික ගැටලු විසඳීම සඳහා මිස ව්‍යවස්ථා සංශෝධ සිදු කිරීමට නොවන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...