21 ලප් තැනම ලොප් ! පුද්ගලයන් ඉලක්ක කරන ව්‍යවස්ථා සංශෝධනවලට පොහොට්ටුවේ බහුතරයක් විරුද්ධයි !

Date:

පුද්ගලයන් ඉලක්ක කර රැගෙන එන ව්‍යවස්ථා සංශෝධන සඳහා සහාය නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර තිබෙනවා. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 80 කට වැඩි පිරිසක් මෙම තීරණය සමග සිටින බවයි වාර්තා වන්නේ.

යෝජිත 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් දින කිහිපයක් පුරා පැවති සාකච්ඡාවලින් පසුව මෙම තීරණයට එළඹ තිබේ.

21 වැනි සංශෝධනය හරහා ජනාධිපති බලතල කප්පාදු කිරීමට අමතරව ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් පාර්ලිමේන්තුවට තේරී පත් වීම වැළැක්වීමට යෝජනා කර තිබෙනවා. මෙය බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් ගෙනඑන යෝජනාවක් බවයි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය වී තිබෙන්නේ.

ඒ අනුව එවැනි සංශෝධනයක් සඳහා සහාය නොදක්වන බව අදාල මන්ත්‍රීවරුන් පවසනවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කළේ ජනතාව මුහුණ දී සිටින ආර්ථික ගැටලු විසඳීම සඳහා මිස ව්‍යවස්ථා සංශෝධ සිදු කිරීමට නොවන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (27) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 27) දිනයේදී උතුර, නැගෙනහිර...

බාල ඖෂධ : ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත ගැන CIDයට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක්...

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...