රෂිකා හෙන්නායක මැයි 29 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
2026 පාපන්දු ලෝක කුසලානය සඳහා නම් කරන ලද ආර්ජන්ටිනා සංචිතය පිළිබඳ විදෙස් මාධ්ය වාර්තා කරයි.
සුපිරි ක්රීඩක Lionel Messi සිය හයවන ලෝක කුසලානය සඳහා සහභාගී වෙමින් කණ්ඩායමේ නායකත්වය දරන බව පුහුණුකරු ලියොනල් ස්කලෝනි මෙහිදී තහවුරු කර ඇත.
මෑතකදී ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙසීගේ සහභාගීත්වය පිළිබඳ සැක මතු වුවද, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.
මෙම සංචිතයට පසුගිය වර ජයග්රහණය ලැබූ ක්රීඩකයින් දහහත් දෙනෙකු ඇතුළත් වන අතර, ප්රබල ක්රීඩක ක්රිස්ටියන් රොමේරෝ ද කණ්ඩායමට කැඳවා තිබේ.
එහෙත් ෆ්රැන්කෝ මස්තන්ටුඕනෝ සහ පාවුලෝ ඩිබාලා වැනි කැපී පෙනෙන ක්රීඩකයින් කිහිප දෙනෙකුට මෙවර අවස්ථාව අහිමි වී ඇත.
ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව සත්කාරකත්වය දරන මෙම තරගාවලියේදී ආර්ජන්ටිනාව සිය ශූරතාව ආරක්ෂා කර ගැනීම සඳහා තරග වැදීමට සූදානම් වෙයි.



