අදින් ඇරඹෙන අ.පො.ස සාපෙළ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වීමට නියමිත අතර පෙරවරු 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත් වේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතයි . අපේක්ෂකයින් 472,553 දෙනෙකු පෙනීසිටීමට නියමිත බවයි. තවද මෙවර විභාගය සඳහා බන්ධනාගාර ගත රැඳවියන් 10 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

මේ අතර විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ සිසු සැරිය බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙන අතර , පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා යොදවනු ලබන සිසු සැරිය බස් රථ සේවාව පාසල් නිවාඩුව ලබාදීමත් සමග නතර කිරීම සිදුවු ද සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව එම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේය.  පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ, සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් අවහිරයකින් තොරව බස් රථ 12,000ක් ධාවනයට යොදවන බවය. ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය .

“ඒ වගේම මම සේවක මහතුන්ගෙන් ඉල්ලීමක් කරනවා පොඩි පොඩි දේවල්වලට බස් වර්ජනය කරන්න සුදානම් වෙන්න එපා. සේවක ගැටලුවක් ආවොත් හදිසි බස් වර්ජනයකට නම් කිසිසේත්ම යන්න සුදානම් වෙන්න එපා. මට ඒ වෙලාවේ දී කතා කරන්න. විභාගයට පෙනී සිටින දරුවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන්න. මුදල් ගැන හිතන්න එපා. සල්ලි දුන්නත් නැතත් දරුවන්ව එක්කන් යන්න කටයුතු කරන්න විභාග මධ්‍යස්ථාන කරා. බස් රථ 12,000ක් සාමාන්‍ය පරිදි අඛණ්ඩව ධාවනය කරනවා.”
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...