මක්නිසාද යත් ….

Date:

“මම නුඹ කඩා බිඳ දමා අලුතින් නිර්මාණය කරමි”
කවියා සමාජයට කීය.

එබසට සමාජයට හිනා ගියේ ය.

“මම නුඹ කඩා බිඳ දමා අලුතින් නිර්මාණය කරමි” යි
සමාජය කවියාට කීය.

මේ කවිය එන්නෙ මහගමසේකරගෙ මක්නිසාද යත් කවි පොතේ. ගතානුගතික සමාජයෙ දේවල් වෙනස් කරන්න, ප්‍රශ්න කරන්න යන එක සෙල්ලමක් නෙවෙයි. විශේෂයෙන් සංස්ථාපිතයන් එක්ක ගේම් එක ප්ලේ කරද්දි. සෑහෙන කාලෙකට කලින් සේකර මතු කරල තියන්නෙ ඒක තමයි.

කොමඩි වැඩකදි ආගමික සිත් රිදවීමක් කෙරුණා කියලා කලාකාරිණියක් අත්අඩංගුවට අරන්. සමාජ මතය දෙපැත්තකට බෙදිලා. මොන දේ කොහොම වුණත් අපි කොන්දේසි විරහිතව ICPPR පණතෙන් කිසිම කෙනෙක් අරභයා ක්‍රියාමාර්ග ගන්න එකට විරුද්ධ වෙන්න ඕන. ඒ පණතෙ මෙහෙ භාවිතා කරන්නෙම විරුද්ධවාදීන් මර්දනය කරන්න කියලා අපි හුඟක් අවස්ථාවල කතා කරලා තියනවා, උද්ඝෝෂණ කරලා තියනවා, ක්‍රියාමාර්ග අරන් තියනවා. ලෝක මට්ටමෙන් මානව හිමිකම් රකින්න ගෙනාව පණතක්, අමුතු රටේ මානව හිමිකම් මඩින්න යොදාගනිද්දි ඒකට විරුද්ධව ජනසමාජයක් විදිහට එරෙහි වෙන්න ඕන.

ඒ වගෙම මෙහෙම කරුණකුත් සටහන් කරන්න ඕන. සංස්ථාපිතයන් එක්ක ගේම ඉල්ලනවා නම්, අඩු තරමෙ ඔබ සටන් කරන්නෙ කා එක්කද කියන එක ගැන අඩුම සවිඥානිකකමවත් ඕන කරනවා. අපි සටන පටන් ගන්නව නම් ආපහු හැරෙන්න බෑ. කෙටිකතාවක් ලිවීම නිසා හිත රිදුණා කියපු බෞද්ධ භික්ෂූන් පිරිසක් කරපු පැමිණිල්ලක් නිසා දින සියගාණක් ශක්තික සත්කුමාර දඟ ගෙයි ලැග්ගා. ශක්තික අචලව හිටි නිසා ඒ සටන ජයග්‍රහණයකින් කෙළවර කරන්න හැකියාව ලැබුණා. මිනිහා කිසිම වෙලාවක ඔළුව පාත් කළේ නෑ. ඒ සටනට මැදිහත්වුණ බලවේග ශක්තික එක්ක දිගට ම අරගල කළා. අවසානෙදි ඔහු අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කෙරුණා. එසේ වුවත් තමන්ට වුණ අසාධාරණය නිසාවෙන් ශක්තික මානව හිමිකම් නඩුවකුත් පවරලා තියනවා. අහ්නාෆ් ජසීම් කවියාට අපි දන්න විදිහට අතිශය පීඩා කෙරුණා මේ පණත යටතෙම අත්අඩංගුවට අරන්. අහ්නාෆ් පරාජය බාරගත්තෙත් නෑ.

දේවල් ගැන සබුද්ධික මිනිස්සු දන්නවා, සමකාලීන ජනප්‍රිය බෞද්ධ දෘෂ්ටිවාදය දරණ ව්‍යාපාරය කියන්නෙ කොතරම් බලගතු එකක් ද කියලා.. ඒ වගේ ම ඒකෙ තියන අප්සට් දේවල් ටිකත් සක්සුදක් සේ දන්නවා. සංස්ථාපිතයෙ තියන බලවත්කම අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ICPPR වගෙ ඒවයෙන් විතරක් නෙවෙයි, ව්‍යවස්ථාවෙන්ම බලය, ජවය, ශක්තිය ඒකට දීලා තියනවා.

අවුරුදු 500කට විතර එපිට කුරුණෑගල රාජධානියෙ රජකම ගත්ත වත්හිමි කුමාරයා ඇතුගල පල්ලට දාලා මරපු එකේ ඉඳන්, එයාලාගෙ කර උඩින්ම ගෙනාව බණ්ඩාරනායකට වෙඩි තිව්ව එකේ ඉඳන් සහසක් උදාහරණ තියනවා ඒ බලය තේරුම් ගන්න. ඒක තේරුම් අරන් තමයි සටන කරන්න වෙන්නෙ. ඒක තේරුම් නොගෙන කැට කැබිලිති දමලා ගහලා, එයාලා බර අඩි තියාගෙන එද්දි දුවන්න ඔට්ටුත් නෑ. එහෙම ධීරකමක් නැතිව ලේසියෙන් අකුළගන්නවා නම් ඕවගෙ එව්වට අතගහන්න හොඳත් නෑ. පරිත්‍යාග කරලා ගොඩ දාපු වැඩ චොර වෙනවා විතරයි.

එපමණයි!

~ සඳුන් ප්‍රියංකර විතානගේ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...