නැවතී ඇති මහා මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරනවා – ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් , ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ නැවතී ඇති මහා මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන බව , පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීම අමතමින් කියාසිටියේය .

එහිදී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වූයේ දිවයිනේ සෑම ප්‍රදේශයකම මේ වන විට නැවතී ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති වල ඉදිකිරීම් කඩිනමින් නැවත අරඹන ලෙසයි. මේ වන විටත් ඉතාමත් අබලන් තත්වයේ පවතින බොහෝ මාර්ග අලුත්වැඩියාවන් සිදු නොවුවහොත් ඉදිරියේදී මහජනතාවට යෑමට ඒමට පවා නොහැකි වන තත්ත්වයටම පත්වනු ඇති බව මන්ත්‍රීවරුන්ගේ අදහස විය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන තුරු මෙරටට ලබාදෙන ණය ආධාර නවතා තිබෙනවා. ඉතිහාසයේ පටන්ම රට තුළ සිදුකරන ලද මාර්ග සංවර්ධන ව්‍යාපෘති බහුතරයක් ක්‍රියාත්මක වී ඇත්තේ විවිධ විදේශ සංවිධාන සහ රටවලින් ලබා ගත් ණය ආධාර මුදල යටතේ යටතේයි.

කෙසේ නමුත් රට තුළ මාර්ග පද්ධතියේ පවතින දැඩි අබලන් ස්වභාවය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින්, අවම වශයෙන් i Road (ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග ආයෝජන) ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද අත්‍යවශ්‍යම මාර්ග ව්‍යාපෘති සඳහා හෝ, ඒවා කඩිනමින් අවසන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 53ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා සාර්ථක මට්ටමින් සිදු කෙරෙමින් මේ වන විට අවසන් අදියරේ පවතිනවා.ඒ අනුව විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දෙමින් සංවර්ධනය කළ යුතු අත්‍යවශ්‍යම මාර්ග හඳුනාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් විසින් අදාල මාර්ග නිරික්ෂණය කිරීමට නියමිතයි.

මෙහිදී අමාත්‍යවරයා විසින්, අමාත්‍යංශ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ, දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ප්‍රාදේශීය සංවර්ධන කමිටු හරහා මේ වන විට ගමනාගමනයට ඉතාමත් අපහසු තත්ත්වයේ පවතින මාර්ග හඳුනා ගැනීමට සහාය ලබාදෙමින් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ඉල්ලීම් කර ඇති මෙම ඩොලර් මිලියන 53 ක ණය මුදල ලැබුණු වහාම වැඩ ආරම්භ කරන ලෙසයි .
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...