අල්ලනකොට කෙඳිරි ගාන්න එපා. ඉස්සරහට තව තවත් අල්ලනවා, ඒකෙ සැකයක් නෑ – ඇමති මහින්ද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඇත්තටම වංචනිකයින්ට දූෂිතයින්ට දඬුවම් කරන ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පමණක්ම බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

“ඇත්තටම රටේ සැලකියයුතු චෝදනාවක් තිබුණා මේ හොරු අල්ලන්නෙ නෑ කියලා. අපි කලිනුත් කියලා තිබුණා අපේ ජනාධිපතිතුමාත්, හොරු අල්ලනකොට කෙඳිරි ගාන්න එපා කියලා. ඉතින් දැන් අපට කියන්න තියෙන්නේ අල්ලනකොට කෙඳිරි ගාන්න එපා. තව තව ඉස්සරහට චංචනිකයින්ට දූෂිතයින්ට අදාළ විධිමත් ක්‍රමවේදය හරහා නිසි ලෙස දඬුවම් ලැබෙනවා. ඒ ගැන කිසි සැකයක් නෑ. ඒ නිසා අපේ රටේ මේ ආණ්ඩුව හදපු, වංචනිකයින්ට දූෂිතයින්ට දඬුවම් කිරීම පිළිබඳ ඉමහත් බලාපොරොත්තු තියාගෙන ඉන්න අපේ රටේ පුරවැසියන්ට කියන්න ඕනෙකම තියෙනවා මේ ආණ්ඩුව විතරයි ඇත්තටම වංචනිකයින්ට දූෂිතයින්ට දඬුවම් කරන ආණ්ඩුව. ඉතින් ඒ කටයුතු ඒ ආකාරයෙන් සිදුවෙමින් පවතිනවා. ඉතින් කිසිවෙක් කලබල වෙන්න එපා කියලා තමයි අපට කියන්න තියෙන්නෙ රටේ ජනතාවට. වංචනිකයෝ දූෂිතයෝ නම් බොහොම කලබල වෙලා ඉන්න බව පේන්න තියෙනවා”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රු. බි. 06ක ලාභය භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : ලංකා ඛනිජතෙල් නීතිගත...

මාලිමා මන්ත්‍රී එක්ක පටලැවිල්ලක් හැදුණු කොස්තාපල් අත්අඩංගුවට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ...

පශ්චාත් ආපදා කළමනාකරණය:ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ගැන ලෝක ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු...

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...