අල්ලනකොට කෙඳිරි ගාන්න එපා. ඉස්සරහට තව තවත් අල්ලනවා, ඒකෙ සැකයක් නෑ – ඇමති මහින්ද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඇත්තටම වංචනිකයින්ට දූෂිතයින්ට දඬුවම් කරන ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පමණක්ම බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

“ඇත්තටම රටේ සැලකියයුතු චෝදනාවක් තිබුණා මේ හොරු අල්ලන්නෙ නෑ කියලා. අපි කලිනුත් කියලා තිබුණා අපේ ජනාධිපතිතුමාත්, හොරු අල්ලනකොට කෙඳිරි ගාන්න එපා කියලා. ඉතින් දැන් අපට කියන්න තියෙන්නේ අල්ලනකොට කෙඳිරි ගාන්න එපා. තව තව ඉස්සරහට චංචනිකයින්ට දූෂිතයින්ට අදාළ විධිමත් ක්‍රමවේදය හරහා නිසි ලෙස දඬුවම් ලැබෙනවා. ඒ ගැන කිසි සැකයක් නෑ. ඒ නිසා අපේ රටේ මේ ආණ්ඩුව හදපු, වංචනිකයින්ට දූෂිතයින්ට දඬුවම් කිරීම පිළිබඳ ඉමහත් බලාපොරොත්තු තියාගෙන ඉන්න අපේ රටේ පුරවැසියන්ට කියන්න ඕනෙකම තියෙනවා මේ ආණ්ඩුව විතරයි ඇත්තටම වංචනිකයින්ට දූෂිතයින්ට දඬුවම් කරන ආණ්ඩුව. ඉතින් ඒ කටයුතු ඒ ආකාරයෙන් සිදුවෙමින් පවතිනවා. ඉතින් කිසිවෙක් කලබල වෙන්න එපා කියලා තමයි අපට කියන්න තියෙන්නෙ රටේ ජනතාවට. වංචනිකයෝ දූෂිතයෝ නම් බොහොම කලබල වෙලා ඉන්න බව පේන්න තියෙනවා”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...