මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට පොලිසියෙන් වෙඩි!

Date:

රෂිකා හෙන්නායක මැයි 30, කොළඹ LNW :

ලද තොරතුරක් අනුව වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේ දී, වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැටලීමක් සිදුකර ඇති අතර, වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරක් අනුව වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබේ.

මෙම වැටලීමේ දී පොලීසියට අවශ්‍යයව සිටි වැල්ලවාය ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මහවෙලමුල්ලේ සාන් සුද්දා’ නොහොත් ‘සම්පත් කුමාර’ නැමැති පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත. එහිදී සැකකරු විසින් පොලීසියට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර පසුව පොලිස් නිලධාරීයෙකු විසින් සැකකරුගේ දණහිසෙන් පහතට වෙඩි තබා තිබේ.

වෙඩි තැබීමෙන් සැකකරු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත. මෙම සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බව පොලීසිය පවසයි. සැකකරු සන්තකයේ තිබූ පාර්ශලයක තිබී මත්ද්‍රව්‍ය ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදුකරමින් පවතී. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටේප් ෆිනිෂ් මැරතන්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 15, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදී...

අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!

කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක්...

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! – සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! - සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි