*
Sunday, June 1, 2025
spot_img

Latest Posts

යෂ්ටියත් එක්ක කඩා වැටුණු පදක්කම් සිහිනය මැද, කාලිංග 200 අවසාන තරගයට

නිශ්මං රණසිංහ මැයි 30, කොළඹ LNW:

ගුමී හී පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම එම තරගාවලියට සහභාගි කරවීම වැළක්වීමට විශාල වෑයමක් ගනු පෙණින.ඇතැම් කේෂ්ත්‍රයට සම්බන්ධ පිරිස්ම සාවද්‍ය ආරංචි පතුරවමින් එම සහභාගීත්වය වැළක්වීමේ උත්සාහයක නියැලිණ.ඒ නිසාම ද වෙනත් පෞද්ගලික හේතුවක් නිසාද නොදන්නා නමුත් ශ්‍රී ලංකාව සතුව සිටින ලෝක පූජිත කෙටි ධාවන සූරයාවන යුපුන් අබේකෝන් සිය කේවල ඉසව් අත හැර දමමින් මෙම සහය දිවීමේ කණ්ඩායම සමග එක් වී වැරදි මතවලට සිය වේගයෙන් පිළිතුරු දෙන්නට එකතු වි තිබිණ.එය විශිෂ්ට සහ නිහතමානී වූ ත් සුහදශීලී වූත් ක්‍රීඩාශීලී තීරණයක් ලෙස ඇගයිය යුතු එකකි.


එය එක රට කර ගැනීම වෙනුවට ක්‍රීඩකයින් තමන්ගේ කර බෙදා ගන්නා සහ අනුන්ව හෙලා දැකීමට තමන්ගේ ලේ උරුමයේ සිට විවිධ හේතු සාධක මවා ගන්නා බොහෝ අයට ජගත් තලයේ ක්‍රීඩකයෙකු ලෙස යුපුන් ලබා දුන් වැදගත් පූර්වාදර්ශයක්ය.
මෙම සහය දිවීමේ කණ්ඩායම සම්බන්ධ ක්‍රීඩකයින් ගැන විමසා බැලීමේදී යුපුන්ගේ ඉතාලි පුහුණුකරුවාට පසුව සිටින ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග නියෝජනය කළ ජයග්‍රහණය කළ දුලාන් ප්‍රියදර්ශන,රුවිනි රූබසිංහ වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණය කළ පළපුරුදුම පුහුණුකරු ද කණ්ඩායමට එක් කරන්නට මලල ක්‍රීඩා සංගමයද තීරණය කර තිබිණ.


මේ සියල්ල අතරේ පාදයේ ආබාධ තත්ත්වයක් මත තරග පවත්වන දිනයේ පෙර දින සහය දිවීමේ පුහුණුවට පවා සහභාගි විය හැකි මට්ටමක සිටි මෙරෝන් විජේසිංහගේ සහය ද කණ්ඩායමට අහිමි විය.ඒ වෙනුවට ධාවනයෝ යොදුණ චමෝද් දිසානායක නැවුම් අත්දැකීම තුළ සිට යෂ්ඨිය යෝධසිංහට ලබා දීමට පැමිණි මඟ වෙනස් කර ගනිමින් යම් පම්‍රදයක් ඇති කර ගත්තේය.යෝධසිංහ සහ දිනෙත් අතර යෂ්ඨි හුවමාරුව හොඳින් සිඳු වුව ද යළිත් අවසාන යෂ්ඨි හුවමාරුවේදී දිනෙත් සහ යුපුන් අතර යෂ්ඨිය හුවමාරුවේදී ඇති වූ කාලය මැණීමේ අඩු පාඩුවකින් යෂඨිය ගිලිහිණ.


එය පරිගණක තිරය ඉදිරිපට පවා නැගිට්ටෙන සුළු ගිලිහීමක්ය.එය බර නැති යෂ්ඨිය හදවත පුපුරා යන තරමට බරින් කණට නෑසෙන හඬ වෙඩි හඬක් සේ සැරින් දැනෙන වැටීමක්ය.එය රටක් කළඹවා දිනාගත් තරග වැදීමේ අවස්ථාවක බලාපොරොත්තු මොහොත ගිලීහී යාමක්ය.


ඒත් අවසාන තරගයේ අවසානය වෙනුවෙන් මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම සිටගෙන නොසිටිය ද,මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ධාවන පථයේදී කැපී පෙණුන කාලිංග කුමාරගේ මීටර් 200 මූලික තරගවලින් පසු අවසාන පූර්ව තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
වැදගත්ම දේ මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ පරිපාලකයන් ඉගෙන ගැනීමය.ලෝකයේ අද වන විට ඉන්දියාව ආර්ථිකමය වශයෙන් ජපානය ද ඉක්මවා යන මට්ටමට පැමිණ ඇති බව අපි දනිමු.ලෝක බලවතුන් පෙන්වන එක කැටපතක් හැටියට ගැනෙන්නේ ක්‍රිඩාවය.ඒ නිසා රටක් බලවත් ධනවත් හැටියට ලෝකයට පෙන්වන කැටපත ක්‍රිඩාව වන්නේ එයින් ගම්‍ය වන්නේ රටක් හැටියට කෙතරම් ශක්තිමත්,ජවසම්පන්න සහ නිරෝගි ජන කොටසක් සිටින්නේ ද යන ක්‍රීඩාවේ ජයග්‍රහණ හරහා පිළිඹිඹු වෙන බැවිනි
අප ලෝකයේ ධනය සහ බලය අතින් පහතින් සිටින තැන සිට ඉහළ නැඟීමේදී රටක් හැටියට අප ලෝකයේ අවධානයට පත් කර ගැනීමට ක්‍රීඩාව අත් හැරිය නොහැකි මෙවලමකි.ඒවා ජාතික මට්ටමේ පාසල් ක්‍රීඩා තරගවල දී කතුරු සාක්කුවේ දමාගෙන කොණ්ඩා කපන්න සූදානම් මහත්තුරු නෝනලා සහ ඇඳුමක බුරිය පෙනෙන විට,කකුලක වැඩි ඉඩක් පෙනෙන විට පරල වෙන රෝගී ඔළු ගෙඩි සමඟ කළ නොහැකිය.අද ඉන්දියාව ක්‍රීඩාව ආක්‍රමණය කරන විට තත්වය ඇඳුමේ සිටම දැකිය හැකිය.කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා පිටිවල ඇඳුමේ සිටම මෙම වර්ධනීය වෙනස දැක ගන්නට හැකි වනු ඇත.


ඉන්දියන් දුම්කොළයක් අත තිබීම ද මාරාන්තික සාධකයක් විය හැකි මට්ටමට ජනතාව කෙරෙහි බලපෑම් ඇති කළ දේශපාලන කණ්ඩායමක නායකත්වය රටක නායකත්වයට පැමිණ ඉන්දීය මිත්‍රත්වය පදනම් කර ගෙන ම්ටටමට සිතන ආකාරයට දේශපාලනිකව වෙනස් වී ඇත.ඒ වෙනස ආධාර කරගෙන රටේ ක්‍රීඩාව දෙස ද,ක්‍රීඩාව දෙස බලන සම්ප්‍රදායිකව සිතන ඔළු වෙනස් කිරීමේ අවශ්‍යයතාවය ගැන ද ළ අයට දඬුවම් දීම වෙනුවට තනතුරු දීම වැනි පහත් ආකාරයේ ක්‍රියාවන් ද අවසන් කළ යුතුව ඇත.හිතවතුන් රැකීම සහ පිනවීම පදනම් කරගෙන ක්‍රීඩාවේ පාලනය වෙනස් කිරීමේ කුමන්ත්‍රණ කිරීම වෙනුවට ක්‍රීඩාවේ යහපත සඳහා නිවැරදි පුද්ගලයින්ට පිවිසිය හැකි ම්ට්ටමේ ද්වාර විවෘත කර තැබිය යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan