මැලේසියානු රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක්!

Date:

මැලේසියාවේ රැකියා ඉලක්ක කරගත් විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් මෙරටදී කඩිනමින් ආරම්භ කිරීම සදහා පියවර ගනිමින් සිටින බව විදේශ රැකියා සහ කම්කරු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මෙරට සිටින මැලේසියානු මහ කොමසාරිස් ටැං යැං තායි මහතා අතර හමුවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී මැලේසියානු රැකියා ඉලක්ක කරගත් විශේෂ පුහුණු මධ්‍යස්ථානය කඩිනමින් පිහිටුවීම ගැන අවධානය යොමු කර ඇත.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා,විදේශ රැකියා නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි 2016 වසරේදී මැලේසියානු පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

එම ගිවිසුම නැවත සලකා බලා කඩිනමින් පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීමට අදාළ පියවර ගැනීමට ඇමැතිවරයා සහ මහ කොමසාරිස්වරයා එකඟත්වය පළකළේය.

කොරෝනා වංසගතයෙන් පසුව,මේ වන විට නැවත වරක් මැලේසියාව විදේශගත ශ්‍රමිකයින් සදහා දොරටු විවෘත කර ඇති බව පැවසූ මැලේසියානු මහ කොමසාරිස්වරයා ලංකාවේ ශ්‍රමිකයින් සදහා වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් ලබාදෙන ලෙසට මනුෂ නානායක්කාර ඇමැතිවරයා කළ ඉල්ලීමට එකඟත්වය පළකළේය.

විශේෂයෙන්ම නිෂ්පාදන අංශයේ රැකියා සදහා වැඩි ශ්‍රමිකයින් පිරිසක් යැවීමටත්,ඔවුන්ට ආරම්භ කිරීමට අපේක්ෂිත මැලේසියානු පුහුණු මධ්‍යස්ථානය හරහා විශේෂ පුහුණුවක් ලබාදීමටත් මෙහිදී අවධානය යොමුවිය.

මැලේසියාවේ ශ්‍රමිකයින් සදහා අවම වැටුපක් හදුන්වාදී ඇති අතර,ලංකාවේ සිට මැලේසියාවට ගොස් රැකියා කරන ශ්‍රමිකයින්ගේ සේවා ගිවිසුම් සදහා එම අවම වැටුප ඇතුළත් කිරීමට හැකි බවද මැලේසියානු මහ කොමසාරිස්වරයා, ඇමැතිවරයාට දැනුම් දුන්නේය.

මෙරට කම්කරු දෙපාර්තමේන්තුව සහ මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලය අතර අඛණ්ඩ සහ සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ වැදගත්කමද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පෙන්වාදුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...