පක්ෂය පාවා දී ඇමතිකම් ගත් හරීන්, මනුෂ ආයෙ ගන්න එපා – සමගි වනිතා බලවේගයෙන් සජබ ලේකම්ට ලිපියක් !

Date:

ඉතා තීරණාත්මක අවස්ථාවක පාක්ෂිකයාත්, පක්ෂයේ ප්‍රතිපත්තිත් පාවා දී ආණ්ඩුවේ ඇමති තනතුරු ගත් හරීන් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා යළිත් පක්ෂයට එකතු කර නොගන්නා ලෙස සමගි වනිතා බලවේගය ලිපියක් මගින් සමගි ජන බලවේගය වෙත දැනුම් දී තිබෙනවා.

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සහ ලේකම් නිරූපා කරුණාරත්න මහත්මියගේ අත්සනින් සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත මෙම ලිපිය යොමුකර තිබේ.

ජනමතයට පටහැනි ලෙස කටයුතු නොකරන බවට හා පාලකයන්ට එරෙහිව ජනතාව ආරම්භ කර ඇති අරගලයට සහාය දක්වන බවට අවස්ථා කිහිපයකදී සමගි ජන බලවේගයේ සාමාජිකයන් එකඟ වී ඇති බැවින් හරීන් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා එම එකඟතාවය කඩ කිරීම ජනමතයට හා ජනතාවට පිටුපෑමක් ලෙස සැලකිය හැකි බව සමගි වනිතා බලවේගය අවධාරණය කරයි.

ආණ්ඩුව ජනතාව ගැන සිතා ගන්නා සාධනීය ක්‍රියාමාර්ගවලට උපරිම සහාය ලබාදිය යුතු බවත්, කෙසේ නමුත් විවිධ වරදාන වරප්‍රසාද ලබාදෙමින් සජබ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට කටයුතු කරන්නේ නම් ආණ්ඩුවට කිසිදු සහායක් ලබා නොදිය යුතු බවත් එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...