ජනතා ගැටලුවලට විසඳුම් නැතත් තනතුරු ලබාදීම් දිගටම – රනිල්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සාගල

Date:

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත්කර තිබෙනවා. මීට පෙර යහපාලන රජය සමයේදීද සාගල රත්නායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේ මෙන් අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර ඉන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ජනතා ගැටලු විසඳීම සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බවයි.

කෙසේ නමුත් ජනතාව සුපුරුදු පරිදි ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම්වල, ඖෂධ පෝලිම්වල රස්තියාදුවෙමින් සිටී. එසේම දිනෙන් දිනම බඩුමිල ඉහළ යමින් තිබෙන අතර මේ කිසිදු අර්බුදයක් විසඳීම සඳහා ප්‍රමාණවත් විසඳුම් ලබාදීමට අගමැතිවරයා තවමත් සමත් වී නොමැත.

ඔහුගේ ප්‍රධාන කාර්යය වී තිබෙන්නේ හැකි ඉක්මනින් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර විධායක ජනාධිපතිවරයා සතු බලතල අත්පත් කර ගැනීමයි.

කමිටු පත් කිරීම හා තනතුරු ලබාදීමද සුපුරුදු පරිදි ජයටම සිදු කරමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...