රැට්ටා ඇපමත මුදා හරී

0
980

අත්අඩංගුවට ගෙන සිටි, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිඳු සේනාරත්න මහතා ඇපමත මුදා හැර තිබෙනවා.

රතිඳු සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත කැඳවා තිබූ අතර එහිදී ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය.

ඉන් අනතුරුව ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, මහේස්ත්‍රාත්වරයා විසින් ඇපමත මුදා හැරීමට තීරණය කළේය.

පසුගිය 25 වැනිදා කොටුව අධිකරණය ඉදිරිපිට පැවති උද්ගෝෂණයක් අතරතුරදී පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති බවට එල්ල වූ චෝදනා මත ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය.

UN